මිනුවන්ගොඩ පොලිසිය වසා දැමේ… රාජකාරි ගම්පහ පොලිසියට පැවරේ…

මිනුවන්ගොඩ –  කීර්ති ප්‍රනාන්දු

කොවිඩ් ආසාදන තත්වයක් නිසා මීට ස්වල්ප වෙලාවකට පෙර මිනුවන්ගොඩ පොලිසිය වසා දැම්මේය.

මෙතෙක් මිනුවන්ගොඩ පොලිසිය මගින් කළ රාජකාරි ගම්පහ  පොලිසිය වෙත පවරා තිබේ.

පොලිසියේ ආපනශාලාව පවත්වාගෙන ගිය පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙක් වීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පී.සී,ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමත්, රෝග අයෙකුට කොවිඩ් රෝග ලක්ෂණ පහළ වීමත් පදනම් කරගෙන  මේ තීන්දුව ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පැවසුවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට යුද හමුදාව මගින් පොලිසිය තුළ දැනට සේවයේ යෙදී සිටින 40කට ආසන්න පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් නිරෝධානය සඳහා  ගෙන යෑමට සූදානම් වෙමින් සිටී.

 

 

Exit mobile version