බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනී මැරම් ස්ත්‍රී දූෂණ ළමා අපචාර ඇතුළු අපරාධ කළ ආගමික පූජකවරුන් 56ක් බන්ධනාගාරයේ… ඉන් 48ක් බෞද්ධ භික්ෂූන්….

by editor
අගෝස්තු 9, 2023
in පුවත්
robe
Share on FacebookShare on Twitter

වර්ෂ 2023 ජූනි මස 01 දින වන විට ආගමික පූජකවරුන්   56 දෙනෙක් මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මුදල් වංචා, පුරාවස්තු කොල්ලකෑම ඇතුළු අපරාධ සඳහා  බන්ධනාගාරගතව සිටින බවත්, ඉන් 48 දෙනෙක්ම බෞද්ධ භික්ෂූන් බවත් ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඊයේ ( 08)  පාර්ලිමේන්තුවේ දී හෙළි දරවු කළේය.

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වැඩිදුරටත් රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේ  සිරගත වූ පූජකවරුන් අතර  හින්දු  පූජකවරුන් 03ක්, කතෝලික පූජකවරුන් 01ක් සහ ඉස්ලාම් පූජකවරුන්  04ක් සිටින බවය.

බන්ධනාගාරගතව සිටින  මෙම බෞද්ධ භික්ෂූන් 48 අතරින් අපරාධ  චෝදනා ඔප්පු වී සිරකරුවන් ලෙස    29 දෙනෙක් සිටින බවත්, සැකකරුවන් ලෙස 19 දෙනෙක් බන්ධනාගාර ගතවී සිටින බවත් ඇමතිවරයා කීවේය.

හින්දු පූජකවරුන් තිදෙනාම බන්ධනාගාරගතව සිටින්නේ සැකකරුවන් ලෙස බවත්, ඉස්ලාමීය පූජකවරුන් හතර දෙනාගෙන් තිදෙනෙක් වරදකරුවන් වී    සිරදඬුවම් විඳන අතර 01ක් සැකකරුවන් ලෙස බන්ධනාගාරගත වී ඇති බවත් හෙළි වුනේය.  කතෝලික පූජකවරයා බන්ධනාගාරගතවී  සිටින්නේ සැකකරුවෙක් ලෙසය.

මෙම පූජකවරුන් අතරින් බෞද්ධ භික්ෂූන් 19ක් ළමා අපචාර සඳහා වරදකරුවන් වී සිර දඬුවම් විඳිති. 04 දෙනෙක් සැකකරුවන් ලෙස රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත කරති. එක් හින්දු පූජකයෙක් ළමා අපචාර චෝදනාවක සැකකරුවෙක් සේ රිමාන්ඩ් භාරයේ පසුවෙයි.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ස්ත්‍රී දූෂණයට වරදකරුවන් වී සිරදඬවම් විඳින  බෞද්ධ භිකෂූන් 03කි. එම වරදට බන්ධනාගාරගත භික්ෂු   සැකකරුවන් 01යි.  වෙනත් ආගමික පූජකවරු ස්ත්‍රී දූෂණය සඳහා දණ්ඩනයට හෝ සැකයට ලක්ව  පසුගිය ජූනි 31වනවිට බන්ධනාගාරගත වී සිට නැත.

මිනී මැරම් චෝදනා යටතේ  බෞද්ධ භික්ෂූන්  02ක් වරදකරුවන් වී දණ්ඩනයට ලක්ව සිර දඬුවම් විඳිති. එක් බෞද්ධ භික්ෂුවක් මිනී මැරුමක සැකකරුවෙක් ලෙස බන්ධනාගාරගතව ඇත. මිනී මැරීම ඔප්පුවී දණ්ඩනයට ලක්වුන හින්දු පූජකයෙක් වේ. බන්ධනාගාරගත වී සිටින එකම කතෝලික පූජකවරයා මිනී මැරුම් සැකකරුවෙකි.

මුදල් වංචා ඔප්පු වී  බෞද්ධ භික්ෂූන්  02ක්  සිරකරුවන් ලෙස දණ්ඩනය විඳති. මුදල් වංචා චෝදනා ඔප්පු වී සිරගත වී ඇති     හින්දු පූජකවරුන් 01කි.   නිදන් හෑරීමේ වරද ඔප්පු වීම නිසා  බෞද්ධ භික්ෂූන්  03ක් සිරදඬුවම් විඳති.

බරපතල ලිංගික අපයෝජන වරදට ලක් වී සිටින බෞද්ධ භික්ෂූන් 02කි.  බාලවයස්කාර දැරියන් දූෂණය කිරීමේ වරදට සිර දඬුවම් විඳන බෞද්ධ භික්ෂුවක් ද බන්ධනාගාරයේ වේ.

පොදුවේ  ළමා අපචාර බාල වයස්කාර දැරියන් දූෂණය, බාලවයස්කාර පිරිමි දරුවෙක් අපයෝජනයට වරදකරුවන් වූ බෞද්ධ    භික්ෂූන් 20ක් බන්ධනාගාරයේය.  මෙම වරදට බෞද්ධ භික්ෂූන් 05ක් ද හින්දු පූජකයෙක් ද සැක පිට බන්ධනාගාර ගත වී ඇත.

ස්ත්‍රී දූෂණ, බරපතල ලිංගික අපයෝජනය, අතවරයට තැත් කිරීම,  ස්ත්‍රීයකට සාපරාධී බලපෑම් කිරීමේ චෝදනා මත වරදකරුවන් වූ බෞද්ධ භික්ෂූන් 05කි. සැකකරුවන් 03කි.

මේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළ පසු ප්‍රශ්නය ඇසූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මේ එළි දකින්නේ ආගමික ආයතන සම්බන්ධව සමාජයේ ඇති ගෞරවය සහ විශ්වාසය පලුදුවන තැන බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හෙරෝයින් කිලෝ තුනහමාරයි, ඔටෝ රිපීටර් ගිනි අවියයි සමග කොටු වුන සොත්ති උපාලි ගේ පුතා නිදොස් කොට නිදහස්!

Next Post

විල්වත්ත දුම්රිය හරස් මග අනතුරින් දැඩි මාර්ග තදබදයක්… පොලිසිය යා යුතු පාර කියයි!

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.