මිනිස් ජීවිත සම්බන්ධ තීන්දු කරන දුම්රිය හරස් මාර්ග විදුලි සංඥා පද්ධති 50ක් අක්‍රීය වෙලා… ටෙන්ඩරය දීලා තියෙන්නේ නුසුදුසු සමාගමකට… දුම්රිය දෙපාර්තමේන්තුවට කෝටි 24ක් පාඩුයි…

ලලිත් චාමින්ද –

දුම්රිය හරස් මාර්ග සදහා  ස්ථාපිත කරනු ලැබු  සීනු හා විදුලි පද්ධති  50ක  වගකිම් කාලය නිමවීමටත් පෙර  ක්‍රියා විරහිතව ඇති අතර මේ  නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවි ඇති රුපියල් මිලියන 242.13ක පාඩුව  සැපයුම්කරුගෙන් හා එයට සම්බන්ධ පාර්ශවයන්ගෙන්  අයකරගැනිමට පියවර ගන්නාලෙස ජාතික විගණන කාර්යාලය මගින් නිර්දේශකොට ඇත.

අදාල ටෙන්ඩර්කරු විසින්  අවශ්‍ය  සුදුසුකම් ලැබිමේ නිර්නායක  සපුරා නොතිබියදි  එම සමාගමට ප්‍රසම්පාදනය ලබාදිමට  තාක්ෂණික ඇගයිම් කමිටුව විසින් නිර්දේශකොට ඇති බවත්  මෙය ළබැදියාවන් මත  සිදුවු ගනුදෙනුවක්  ද යන්න පිළිබද  පරික්ෂාවක් කොට සුදුසු පියවරගත යුතු බවත් ද විගණනය මගින් නිර්දේශකොට ඇත. 

තාක්ෂණික ඇගයිම් කමිටුව විසින් මෙම ටෙන්ඩරය  ඇගයිමේ දි  විනිවිද භාවයකින් කටයුතුකර නොමැති බවට අනාවරණය වි  තිබුණි. එමෙන්ම තාක්ෂණික ඇගයිම් කමිටුව විසින්  අමාත්‍ය මණ්ඩලය වෙත ප්‍රමාණවත් හා සත්‍ය තොරතුරු ලබා නොදිම සම්බන්ධයෙන්  තාක්ෂණික ඇගයිම් කමිටුවේ කාර්යභාර්ය  නිසිපරිදි ඉටුකිරිම පිළිබද සලකා බැලිය යුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැපයුම්කාර සමාගම විසින් ස්ථාපනය කරනු ලැබු  සීනු හා විදුලි පද්ධති 200 අතුරින්  2023 වර්ෂයේ ජුනි මස 20 වනවිට   පද්ධති 50ක් ක්‍රියා විරහිතවි තිබුණි.


 

Exit mobile version