පීසීආර් පරික්ෂණයන් සිදුකිරිමට බොහෝ පිරිසක් අකමැති වීම හේතුවෙන් කොළඹ නගරයේ කොවිඩ් පාලනය අභියෝගයකට ලක්ව ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි සදහන් කරයි.
මේ හේතුවෙන් විද්‍යාත්මක දත්ත ලබා ගැනීමට අසීරු වී ඇති බවත්, කොවිඩ් රෝගයපාලනය කිරීමට විශාල අභියෝගයක් මතුව ඇතැයි හෙතෙම පැවසීය.
මේ වන විට කොළඹ නගරයේ අධිඅවදානම් ප්‍රදේශයවල පුද්ගලයින්ගෙන් ලබාගන්නා පීසීආර් හා ඇන්ටිජන් පරික්ෂණ දිනපතා සිදුකරමින් ආසාදිතයන් සොයා ගැනීමට කටයුතු කරන බවද වෛද්‍ය විජේමුණි කියයි.
කොළඹ නගරයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 6 තුළ දිනකට පීසීආර් හා ඇන්ටිජන් පරික්ෂණ 100කට අධිකව සිදුකරමින් දිනකට පරික්ෂණ 600 – 800 අතර සංඛ්‍යාවක් කරමින් ආසාදිතයින් හඳුනා ගැනීම අඛණ්ඩව සිදු කරන බවද වෛද්‍ය විජේමුණි පවසයි.