මින් පසු උද්ඝෝෂණ කළොත් අත්අඩංගුවට ගෙන දවස් 21 නිරෝධායනයට

උද්ඝෝෂකයන් නිරෝධායන කඳවුරු වලට යැවීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බව බන්දුල කියයි

කොල්ලුපිටියේ උද්ඝෝෂණය ඇරඹුණු අයුරු

මින් ඉදිරියට උද්ඝෝෂණයේ නියැලෙන සියලු දෙනා දින 14ක් හෝ දින 21ක් නිරෝධායනයට ලක් කිරීමට රජය තීරණය කර ඇත.

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වන මෙවැනි කාලපරිච්ඡේදයක පරිස් එකට රැස් වී සිදුකරන උද්ඝෝෂණ  නවතා දමන ලෙසට රජය මීට ඉහත විවෘත ඉල්ලීමක් කර තිබියදී කිසිදු සෞඛ්‍යය පිළිවෙතක් අනුගමනය නොකර ඇතැම් පාර්ශවයන් උද්ඝෝෂණ හා විරෝධතා දැක්වීමට පටන් ගෙන තිබෙන බවත් එවැනි අය කිසිදු තරාතිරමකින් තොරව නිරෝධායන කඳවරුවලට ගෙනයන බවත් කැබිනට්  ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇමරිකාවේ සිද්ධියක් මුල්කරගෙන පසුගිය දා පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයන් මුලුමනින්ම නිරෝධායන නීති කඩකරමින් කොල්ලුපිටියේ  ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ නරත වූ බවත් ඔහුන්ගේ එම ක්‍රියාමාරගයෙන් පසුව එවැනි උද්ඝෝෂණ වල නියැලෙන සියලු දෙනා නිරෝධායන කඳවුරු වලට යොමු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබා දුන් බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන තවදුරටත් කීය.


Exit mobile version