අතුල සූරියබණ්ඩාර –
මින්නේරිය ගිරිතලේ කවුඩුල්ල ගොවි ව්‍යාපාරවල ගොවි ජනතාව පොලොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද (14) උදේ දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.
“පොහොර නැතිව වතුර එපා ,“ “ජලයට පෙර පොහොර දියවු,“ “ප්‍රමිතියෙන් යුතු රසායනික පොහොර නිසි කලට ලබා දෙනු,“ සටන් පාඨ අතර “පොලිසියේ මහත්වරුනි – එපා අපිට තඩිබාන්න“ ලෙස ලියැවුනු පුවරු ද දක්නට ලැබිණි.
මෙම උද්ඝෝෂණයට පන්දහසකට ආසන්න ගොවි පිරිසක් එක් වී සිටියහ.
මේ අතර ඊයේ කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ කිසිම අඩුවකින් තොරව නිසි කලට කාබනික පොහොර බෙදා හැරීම ඊයේ ආරම්භ කළ බවය.
කාබනික ලේබලය යටතේ ගොවීන් වෙත එවා ඇත්තේ රසායනික පොහොර බව විද්වත්හු මේ වනවිට හෙළිකර සිටිති.