පසුගිය සති දෙක තුළ ඇතිවූ ආසාදිතයන්ගේ වර්ධන සමාලෝචනය කිරිමෙන් අනතුරුව මැලේසියාව විසින් ශ්‍රී ලංකාවට සංචරණ සීමා පනවා තිබේ.
මැලේසියානු ආගමන විගමන බලධාරීන් නිවේදනය කරන්නේ ශ්‍රී ලංකා පකිස්තාන, බංගලාදේශ සහ නේපාල පුරවැසියන්ට අද සිට මැලේසියාවට ඇතුලුවීම තහනම් කර ඇති බවය.
වසංගතයට එරෙහිව රටක් ලෙස දැඩි අවධානයකින් කටයුතු කරන මැලේසියාව මීට මාසයකට පෙර ඉන්දියානු ජාතිකයන්ට සිය රටට ඇතුළු වීම තහනම් කළේය.
මැලේසියාවේ ජ්‍යෙෂ් ඇමති ඉස්මයිල් යාකූබ් තහනමේ කොන්දේසි ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ ඉහත රටවල පුරවැසියන්ට දිගු කාලීන, කෙටි කාලීන, ව්‍යාපාර, ඇතුළු සියලුම ආකාරයේ සංචාරයන් සඳහා නැවත දැනුම් දෙන තුරු සිය රටට ඇතුළුවීම තහනම් කර ඇති බවය.
කෙසේවෙතත්, 1961 රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියේ සඳහන් පරිදි රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර දරන්නන්ට සහ නිලධාරීන්ට මෙම තහනම බලපාන්නේ නැති බව ද ඇමතිවරයා කියා සිටියේය.