ඉදිරි දින වලදී අප කන්න නැතිව මැරෙනවා ද, ඔක්සිජන් නැතිව මැරෙනවා ද යන්න ඉක්මනින් තීරණය කළ යුතුව ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල්‍ය ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.
“ඩෙල්ටා ප්‍රභේදයේ දරුණු ක්‍රියාකාරිත්වයක් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න සිදුවෙනවා. ඉදිරි සති දෙක තුණ ඉතා තීරණාත්මක කාලයක්. “
“මෙය වූහාන් ප්‍රභේදයට වඩා දෙගුණයකින් පැතිරී යනවා. තත්පර 05ක් ඇති වෛරසය ආසාදනය වෙන්න. දැඩි තීරණ ගත්තෙ නැතිනම් අපට මේ වෛරසය පාලනය කරන්න බැරි වෙනවා.
අපට හෙට දිනයේ තීරණය කරන්න අවශ්‍ය කන්න නැතිව මැරෙනව ද ඔක්සිජන් නැතිව මැරෙනවද කියලා. “
“හැබැයි කන්න නැතිනම් කවුරුහරි කන්න ගෙනත් දෙයි. ඔක්සිජන් නැතිවුනොත් එහෙම කරන්න බැරි වේවි.“
“කන්න නැතිව දින කීපයක් ඉන්න පුලුවන්. ඔක්සිජන් නැතිව විනාඩි කීපයක්වත් ඉන්න බෑ…“
ආචාර්යවරයා කීවේය.