මේ දිනවල පැතිරී යනව වෛරස් රෝගයෙන් මියගිය ඌරන්ගේ සිරුරු රැසක් කිසියම් පිරිසක් ජා-ඇළ දඬුගම ප්‍රදේශයේ ඇළ මාර්ගවලට දමා ගොස් තිබේ.
බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වල ඌරු ගොවිපොළ ආශ්‍රිතව මේ දිනවල පැතිර යන වෛරසයක් නිසා ඌරන් විශාල ලෙස මියයාමට පටන් ගෙන ඇත.
ඌරන් අතර පැතිරී යන මෙම වෛරස් රෝගයෙන් මිනිසුන්ට කිසිම බලපෑමක් සිදුවන බවක් වාර්තා නොවන බව සෞඛ්‍ය අංශ සහතික කළ ද පුද්ගලයින්ගේ මෙවැනි අශික්ෂිත හැසිරීම් පොදුවේ ජන සමාජයේම සෞඛ්‍යයට බරපතල තර්ජනයක් එල්ල කරන බව ප්‍රදේශවාසීහු දන්වා සිටිති.







