මැරයන් දෙන්නෙක් ව්‍යාපාරිකයෙකුගේ කකුල කපාගෙන ගිහින් පන්සලක් ලඟ දාලා….

එක් සැක කරුවෙක් අත්අඩංගුවට... වේයන්ගොඩ පොලිසිය පරීක්ෂණ ආරම්භ කරයි...

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිනිස් පාදයක කොටසක් වේයන්ගොඩ මාළිගාතැන්න රජමහා විහාරය අසල වත්තක තිබියදී වේයන්ගොඩ පොලීසිය විසින් ඊයේ (21) සොයාගෙන තිබිණි.
පසුගිය19 වැනිදා කඩු ප‍්‍රහාරයකට ලක් වූ  පුද්ගලයෙකුයාගේ පාදයේ කොටසක් එම පහරදීමට පැමිණි මැරයන් විසින් රැගෙන ගොස් තිබූ අතර  අද උදෑසන හමුවූ පාද කොටස එම පුද්ගලයාගේ බවට පොලිසිය  සැක පල කරයි.
මැර ප‍්‍රහාරයට ලක් වූ බව කියන පුද්ගලයා තම පුතුණුවන් සමග   ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකට ගොස් සිටි අතර තුර  මැරයන් දෙදෙනෙකු විසින් එම ව්‍යාපාරික ස්ථානය තුළදී කඩුවෙන් පහර දී අත් දෙකක් සහ පාදයක් වෙන් කර තිබේ.
එහිදී තුවාල කරුගේ පාදයක් මැරයන් විසින් රැගෙන ගොස් ඇති අතර   රැගෙන ගිය පාදය තුවාල කරුගේ ප්‍රදේශයේ යකඩ වැඩ කරන ස්ථානයක් අසල දමා ගොස් ඇතැයි පොලිසිය සැක පල කරයි. තුවාල කරු වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු වන අතර ඔහු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
ගම්පහ  පොලිසියේ අපරාධ ස්ථාන පරික්ෂණ නිලධාරීන් ස්ථානීය පරික්ෂණය ඊයේ ( 21) දහවල් සිදුකර තිබේ. සැකකරුවන් පලාගොස් ඇති අතර එක් අයෙකු සැකපිට වේයන්ගොඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන  අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

Exit mobile version