මැද පෙරදිග කලාපයේ තානාපතිවරු 12ක් මුස්ලිම් මළසිරුරු භූමදානය කරන්නැයි රජයෙන් ඉල්ලති

අධිකරණ ඇමති අලි සබ්රි හෙළිකරයි

මෙරට තුළ දී covid-19 ආසාදිත වීම හේතුවෙන් මියයන මුස්ලිම් ජනතාවගේ මළ සිරුරු භූමදානය කිරීමට පියවර ගන්නැයි මැදපෙරදිග කලාපයේ තානාපතිවරුන් 12 දෙනෙකු විසින් මෙරට රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

යූටියුබ් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී විමසා සිටියේ ලොව රටවල් 194ක් කොවිඩ් මළ සිරුරු භූමදානයට ඉඩ ලබා දී ඇති බවත් එසේ නම් මෙරට තුළ මළ සිරුරු භූමදානයට ඉඩදිය නොහැකියි මන්ද යනුවෙනි.

කොරෝනා වසංගතය මර්ධනය කරන එන්නත සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අවසර දෙන තුරු බලන් සිටිනා අප එම සංවිධානයෙන් දැනටමත් අවසර ලබාදී ඇති කොවිඩ් මළ සිරුරු භූමදානය සිදු නොකිරීම ගැටළුවක් බව අදිකරණ් අමාත්‍යවරයා මොකද අනේ කළේය.


“මේ කරුණ සම්බන්ධයෙන් මුස්ලිම් සමාජයෙනුත් අපිට බැනුම්. සිංහලත් සමහර අය තේරුම් අරන් නැහැ. මුස්ලිම් අය අසාධාරණ ලෙස හිටියා හිටියා නම් මං මේක පිළිගන්නේ නෑ. නමුත් හැමෝටම සහකම්පනය තිබිය යුතුයි. 56 58 76 අසූ තුනේ මහා ලොකු දෙමළ සංහාර තිබ්බා. සිංහල වුණා කියලා ඔබ පලි ද ඒකට. සහරාන් බෝම්බ තිබ්බා කියලා මම පලිද ඒකට. එහෙම මිනිස්සු කීප දෙනෙක් හිටියට සමස්තය ගැන එක විදියට සලකන්න බෑ.

ඉස්ලාම් දහමේ තිබෙනවා කෙනෙක් මැරුණම අනිවාර්යයෙන් කළ යුතු කරුණු හතරක්. සිරුර සේදීම, සුදු රෙද්දකින් වැසීම, ආගම කීම, සිරුර භූමදානය. ඉස්ලාම් ආගමේ පිළිගන්නවා භූමදානය කරන තැනින් යළි ජීවයක් ලැබෙන බව.

ලෝක සෞඛ්‍ය සංවිධානය, ICRC, යුරෝපා සංගමයේ රෝග පාලන මධ්‍යස්ථානය, ඉන්දියාවේ රෝග පාලන මධ්‍යස්ථානය මේ හැමෝම එක පිළිගන්නවානම් ඇයි අපිට බැරි.

කියනවානේ covid virus එක බෝවෙන්නේ කෙළවලින් කියලා. වාතයේ නෑ අවකාශයේ නෑ වෙන කොහේවත් නෑ කියනවනේ. එහෙනම් මළ සිරුර ඉටි බෑග් එකට දාල අඩි පහක් යට වැලලුවාට පස්සේ මොන වෛරස්ද?

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මම ගැලරියට කතා කරන කෙනෙක් නෙමෙයි. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි හැමෝම බෙදිලා. මේක නිසා හැමෝම ඉන්නේ දුකෙන්. එක එක්කෙනාගෙ සංවේදී බව වෙනස්. සමහරු ආගමට සංවේදීයි. සමහරු සංස්කෘතියට සංවේදීයි. ඒ සංවේදීකම් අපි අඳුර ගන්න ඕන. සහකම්පනයෙන් කියන අර්ථය එයයි. අවුරුදු හැත්තෑවක් තිස්සේ අපිට තාමත් හැමෝම එකට ඉන්න පුළුවන් රටක් ගැන, ශ්‍රී ලාංකික කියන අනන්‍යතාවය ගොඩනගාගන්න හදනවා. ඒක ගැන තවමත් කතා කරන්න බැරිවෙලා තියෙන්නේ මේක නිස වෙන්න ඇති.” යයිද අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Exit mobile version