මැතිව්ස් සමු ගනී…

Anjelo-Methiws

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා මෙන්ම හිටපු ටෙස්ට් නායක ඇන්ජලෝ මැතිව්ස් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වාට ලිඛිතව දන්වා ඇතැයි වාර්තා වේ.

ඔහු අන්තර් ජාතික ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට ද දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ගිවිසුමට ඇතුළත්ව සිටි ක්‍රීඩකයන් 24 දෙනාගෙන් මැතිව්ස් පමණක් ගිවිසුමට අත්සන් කර නොමැත.

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායකයා ලෙසත් කටයුතු කළේය.

මරදාන ශාන්ත ජෝසප් විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන මැතිව්ස් ජාතික යොවුන් කණ්ඩායම මුල් වරට නියෝජනය කරන්නේ වයස අවුරුදු දහසයේදීය. වර්ෂ 2006 යොවුන් ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කල ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වූයේ ද ඔහුය.

පාසැල් දිවියෙන් පසු 2007 – 2008 තරග වාරය තුළ අන්තර් සමාජ පිටියට ඔහු අවතීර්ණ වන්නේ කෝල්ට්ස් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසය. තම දෙවන පලමු පෙල වාරය තුළ ලකුණු 698 ක් රැස් කිරීමත් සමග ඔහුට ශ්‍රී ලංකා ඒ පිලේ ස්ථානයක් හිමි වන්නේය.

2008 වසරේ සිමිබාබිවේ කණ්ඩායමට එරෙහිව එක්දින වරම් දිනා ගන්නා මැතිව්ස් 2009 වසරේදී පකිස්ථානයට එරෙහිව පලමු වරට ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් වූයේය.

ඔහුගේ මද වේග පන්දු යැවීම සහ පන්දු රැකීම එකතු වූ විට මැතිව්ස් කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙක් බවට පත් වී සිටියේය.

තරගයක පීඩනය දරා ගෙන පීඩනය යටතේ හොඳින් ක්‍රීඩා කිරීමට ඇති හැකියාව මැතිව්ස් ගේ පිතිකරණය තුළ ඇති විශේස ලක්ෂණයක් වී තිබිණි. මෙම නිසා ඔහු එක්දින තරගයක ඉනිම හමාර කිරීමට කදිම ක්‍රීඩකයෙක් වූයේය. මැතිව්ස් ජයග්‍රහණය සදහා විශාල දායකත්වයක් දැක්වූ තරගයක් ලෙස 2010 වසරේදී MCG ක්‍රීඩා පිටියේ ඔස්ට්‍රේලියාව සමග පැවති තරගය හැදින්වීමට හැකිය.

තරගයේ මුලින්ම පන්දුවට පහර දෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායම තම ඉනිම හමාර

ලකුණු 240 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම එක් අවස්ථාවක ලකුණු 107 ට කඩුලු අටක් බිඳ වැටී සිටියේය. මාලිංග සමග නව වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 131 ක සම්බන්ධතාවයක් ගොඩ නගන මැතිව්ස් ශ්‍රී ලංකාව පන්දු වාර හතලිස් පහකදී එක් කඩුල්ලකින් තරගය ජයග්‍රහණය කරවීය. මැතිව්ස් නොදැවී ලකුණු හැත්තෑ හතක් ලබා ගත්තේය.

2013 දී ඔහු ශ්‍රී ක්‍රිකට් නායකත්වයට පත් වන්නේ ජාතික කණ්ඩායම මෙහෙය වීමේ වරමි ලද ලාබාලතම ක්‍රීඩකයා බවට පත් වෙමිනි.

2014. නායකයෙකු ලෙසත් ක්‍රීඩකයෙකු ලෙසත් මැතිව්ස් කැපී පෙනෙන දස්කම් දැක්වූයේය. ආසියානු කුසලානය ජය ගැනීම, එංගලන්ත කණ්ඩායමට එරෙහිව එංගලන්තයේදී ටෙස්ටි සහ එක්දින තරගාවලි ජයග්‍රහණ ලබා ගැනීම, පකිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකාව තුළදී ටෙස්ට් තරග 2-0 ලෙස පරාජය කිරීම කැපී පෙනුනේය.

2014 වසරේදී ටෙස්ට් ලකුණු දහසක් සම්පූර්ණ කිරීමටද මැතිව්ස්ට හැකි විය.
ඔහුගේ නායකත්වය යටතේ ලබා ගත් තවත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස ඔස්ට්‍රේලියාව ටෙස්ට් තරග 3-0 ලෙස පූර්ණ තරගාවලි පරාජයකට ලක් කිරීම හැඳින්විය හැකිය.

පසුව ඇති වූ ආබාධ නිසා ඔහුට තරග විශාල සංඛයාවක් අහිමි වී ගියේය. එය ඔහුගේ පුද්ගලික දක්ෂතා ස්ථාවර මටිටමක රඳවා ගැනීමට විශාල බාධාවක් විනි. කෙසේ වෙතත් විශ්‍රාම යන මොහොත වනවිට ඔහු ගත කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග මතවාදී ගැටුමක් ඇති කරගනිමිනි.

Exit mobile version