බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැතිවරණ වියදම් නියාමන පනත කල් දැමීම ගැන ඇමති විජේදාසට ජනාධිපතිත් අගමැතිත් බැනලා !… මේවා තුට්ටු දෙකේ වැඩ – කිරිඇල්ල කියයි!

Wijedasa rejects Kiriella’s allegation and says the bill won’t affect the holding of LG elections.

by editor
ජනවාරි 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත දෙවන වර කියවීම මාසයකින් කල් දැමීමට එකඟවීම නිසා අධිකරණ ආමාත්‍ය විජේදාස රාජපක්ෂට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දුරකථනයෙන් කතා කොට දොස් කියා ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල අද (18) පාර්ලිමේන්තුවේදි චෝදනා කළේය.

මන්ත්‍රිවරයා එම චෝදනාව නැගුවේ අද උදේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී නිවේදන දැනුම් දුන් කතානායකවරයා අද පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාවේ රැස්වීම අවලංගු කර ඇති බවත් මැතිවරණ වියදම් නියාමන පනත දෙවන වර කියවීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිත බවත් නිවේදනය කළ අවස්ථාවේදීය.

එහිදී ඊට විරෝධය දැක්වූ කිරිඇල්ල මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ මාර්තුවේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් දමා ගැනීම සඳහා මෙලෙස කටයුතු කරන බවයි. පාර්ලිමේන්තු කමිටු කාරක සභා ශක්තිමත් කළ යුතු බවට ධුරයට පත් වූ අවස්ථාවේ සිට වැඩිපුරම කතා කරන ජනාධිපතිවරයා මෙලෙස පාර්ලිමේන්තුවේ කටයුතුවලට මැදිහත්වීමට විවේචනය කළ ඔහු අවධාරණය කළේ ඊයේ එකඟ වූ පරිදි අද කටයුතු කළ යුතු බවයි.

“අපට ඕන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාව. ජනාධිපති වුණ දවසේ ඉඳන් කීට. මැතිවරණ වියදම් පනත මාසෙකින් කල් දාන්න අධිකරණ ඇමතිතුමා ඊයේ එකඟ වුණා. ඒත් එකයි දෙකයි කතා කරල එකුමට බැනල තියෙනවා. එහෙම කරන්න බෑ. අපි මේකට විරුද්ධයි.ජනාධිපතිතුමා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට මැදිහත් වීම වැරදියි. විජේදාස රාජපක්ෂ ඇමතිවරයාට දුරකථනයෙන් කතා කරල බැනල. මේව තුට්ටු දෙකේ වැඩ.“යයිද පැවසීය.

එහිදී අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපකෂ මහතා එම චෝදනාව ප්‍රතික්ෂේප කළ අතර ජනාධිපති හෝ අගමැති දුරකථනයෙන් කතා කරද්දී අසාගෙන සිටියේ කෙසේදැයි ප්‍රශ්න කළේය. කිරිඇල්ල මන්ත්‍රිවරයා ද්වේෂ සහගතව නගන මේ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවද ප්‍රකාශ කළේය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

කෙසේ වුවච තමන් පැයකට වැඩි කාලයක් අගමැතිවරයා සමඟ කාර්යාල කාමරයේ පැයකට වඩි කාලයක් සාකච්ඡා කළ බවත් ජනාධිපතිවරයා සමඟ දුරකථනයෙන් කතා කළ බවත් පිළිගත් අතර මෙම පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් මැතිවරණය පැවැත්වීමට කිසිදු බලපෑමක් නොවන බව සහතික විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපි තවමත් අනතුරින් මිදී නෑ… රට ලොකු ආර්ථික අර්බුදයක… මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ.

Next Post

අවලංගු කළ පාර්ලිමේන්තු රැස්වීම කථානායකට අදම තියන්න වෙයි!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.