මෙවර ගෑස් සිලින්ඩරය ලකුණින් තරග වදින මහනුවර දිස්ත්‍රික්කයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ අනුරාධ ජයරත්න විසින් දොළුවේ පිහිටි සිය නිවසේ දී පාක්ෂිකයින් වෙනුවෙන් අනීතිකව සංවිධානය කර තිබූ දිවා භෝජන සංග්‍රහයක් අත් හිටුවීමට මහනුවර මැතිවරණ කොමිසමේ නිලධාරීහු අද (24) කටයුතු කළහ.
ට්‍රාන්පේරන්සි ආයතනය විසින් මැතිවරණ කොමිසම වෙත ලබා දුන් තොරතුරකට අනුව එම ස්ථානයට ගොස් නිවස පරීක්ෂා කළ එම කොමිසමේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ 100 දෙනෙක් වෙනුවෙන් බුෆේ ක්‍රමයට සූදානම් කර තිබූ දිවා ආහාරයකි.
ඒ දිවා භෝජන සංග්‍රහයට ගම්පල සහ ඒ අවට ගම්මාන රැසක අහිංසක ගැමියන් බස් රථවලින් ඔහුගේ නිවසට රැගෙන ඇවිත් තබී ඇත.
එම අවස්ථාවේදී නීතිඥ අනුරාධ ජයරත්න එම ස්ථානයේ නොසිටි බැවින් නීතිඥ අනුරාධ ජයරත්නගේ බිරියට මැතිවරණ නීතිය උල්ලංඝණය කරමින් මෙසේ භෝජන සංග්‍රහ පැවැත්වීම නීති විරෝධී බව මැතිවරණ නිලධාරීන් විසින් පැහැදිලි කර දී තිබේ.







