සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරුගම්බේ බිය – සැක පිට අත් අඩංගුවට ගත්තු 03 ම දේශීය පුද්ගලයින්… අන්තවාදී සංවිධානවලට සම්බන්ධ බවට සාධක නෑ…

by editor
ඔක්තෝබර් 24, 2024
in පුවත්

Share on FacebookShare on Twitter

රට තුළ සිටින ඊශ්‍රයාල ජාතිකයන් වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළේ යැයි සැකපිට අත් අඩංගුවට පත් සැකකරුවන් තිදෙනාම දේශීය පුද්ගලයින් බවත් ඔවුන් අතර විදේශ ජාතිකයින් නොමැති බවත් මහජන ආරක්ෂක ඇමති විජිත හේරත් පවසයි. ඇමතිවරයා වැඩිදුරටත් කීවේ මේ පුද්ගලයින් අන්තවාදී කල්ලි සමග සම්බන්ධයක් ඇතැයි තවම හෙළි වී නැති බවය.

මේ පුද්ගලයින් පිළිබඳ දීර්ඝ පරීක්ෂණ පවත්වාගෙන ගොස් ඒ ලැබෙන තොරතුරු මත නිගමනවලට එළඹෙන බව කී ඇමතිවරයා ලැබී ඇත්තේ තොරතුරක් පමණක් බවත්, මේ ලද තොරතුර පිළිබඳ සත්‍යාපනය කරගැනීමටත් තව දින කීපයක් ගතවනු ඇති බවත් පැවසුවේය.

ඉතාම විධිමත්ව විමර්ශන කටයුතු කරගෙන යන බව කී ඇමතිවරයා මේ අවස්ථාවේ දී විමර්ශනයට බාධා ඇතිවන ආකාරයෙන් සැකකරුවන්ගේ අනන්‍යතාවය හෙළි කිරීිම රජය විසින් සිදුනොකරන බවත් අවධාරණය කළේය.

ඇමතිවරයා පැහැදිලිව ප්‍රකාශ කරනු ලැබුවේ ඊශ්‍රයාල ජාතිකයන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ලවනු ඇතැයි යන උපකල්පනය මැදපෙරදි යුද්ධය ඇවිලී යනවිට  විදේශීය බුද්ධි අංශ වෙත තිබුණු බවය.  ඒ පදනම් කරගෙන  යම් අවදානමක් සම්බන්ධව ලෝකයේ බොහෝ රටවල් සේම විදේශීය බුද්ධි අංශ  ශ්‍රී ලංකාවත් දැනුම්ව කළ   බවය. මේ  මුල්ම තොරතුරු ලැබෙන්නේ පසුගිය රජයට බවත් ඒ ඔස්සේ රටක් ලෙස එම රජය  ද   විමර්ශන කටයුතු පවත්වාගෙන පැමිණි බවත් ඇමතිවරයා කීවේය.

ඒ තොරතුර යළිත් නිශ්චිත බුද්ධි තොරතුක් ලෙස විදෙස් බුද්ධි අංශවලින්  ලැබෙන්නේ මේ මාසයේ මුල් සතියේ බව ඇමතිවරයා හෙළි කළේය.  මේ ඇත්ත ස්ඵර්ෂ නොකර  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් ප්‍රකාශ නොකළ, පොලිස්පතිවරයා විසින් ප්‍රකාශ නොකළ සමහර ව්‍යාජ කාරණා මාධ්‍යවල පලවී ඇති බව කී ඇමතිවරයා මුල්ම තොරතුර ලැබෙන්නේ ඉන්දීය බුද්ධි අංශවලින් නොවන බවත්, අත් අඩංගුවට පත් සැකකරුවන් වෙත  ලබා දී ඇතැයි කියන මුදල් පිලිබඳ කතාව සම්පූර්ණයෙන්ම වැරදිසහගත බවත් වගකීමකින් යුතුව කටයුතු කරන ලෙසත් මාධ්‍යයෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම ජාත්‍යාන්තරව ලැබෙන මෙම තොරතුර ගැන  ඇමරිකානු තානාපති කාර්යාලයත් දැනුම්වත්ව සිටි බවත් ඔවුන් ද තවත් රාජ්‍ය තාන්ත්‍රිකයින් ද සමග ලැබෙන තොරතුර සම්බන්ධව රාජ්‍ය තාන්ත්‍රික සංවාදයක් ඇති කර තිබූ බව ද   ඇමරිකානු තානාපති කාර්යාලය ස්වකීය වැසියන්ට අරුගම්බේ වෙත ගමන් කිරීමෙන් වලකින ලෙස කළ ආරක්ෂක අවවාදය නිකුත් කරන්නේත් රජයට කළ දැනුම් දීමකින් පසුව බවද ඇමතිවරයා පැහැදිලි කළේය.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මේ වනවිට ඉරාණ ජාතියකින් 575ක් ලංකාව තුළ සිටින බව ප්‍රකාශකළ ඇමතිවරයා තානාපති කාර්යාල ඉතාම අවබෝධයෙන් රජය සමග කටයුතු කළ බවත්, පසුගිය කාලය පුරාම රජය සමග මේ පිළිබඳ සාකච්ඡාවක සිටි ඇමරිකානු තානාපති කාර්යාලය සිය වැසියන්ට අරුගම්බේ ඉලක්ක කරගෙන ආරක්ෂක උපදෙස් නිකුත් කළේ රජය සමග සාකච්ඡාවකින් අනතුරුව බවත් හෙළි කළේය. වගකිම් සහගත වන ලෙස ඔහු මාධ්‍යවලින් සහ දේශපාලකයින්ගෙන් යළිත් ඉල්ලා  සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැතිවරණ නීති කැඩූ නීතිඥ අනුරාධ ජයරත්නගේ අනීතික භෝජන සංග්‍රහ මැතිවරණ කොමිසම නවත්වයි!

Next Post

මට කිසි බලයක් තිබුණෙ නෑ.. බලය තිබුණා නම් පාලනය කරන හැටි දන්නවා… හිටපු කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීම වී ප්‍රශ්නය ගැන කියයි!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.