පසුගිය 23 දා සවස 4 පමණ වනවිට මැතිවරණ කොමිසමට මහ මැතිවරණ සම්බන්ධව ලැබී ඇති පැමිණිලි ගණන 4684ක් බව මැතිවරණ කොමිසම පවසයි.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳව ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 946ක්, දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 3738ක් , ලැබී ඇත.
23වැනිදා සවස 4 වනවිට අවසන් වූ පැය 24 තුළ පමණක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 184ක් වාර්තා වූ බව මැතිවරණ කොමිසම කියයි.