මැතිවරණ කොමිසම ගත යුතු තීන්දුවකට සෞඛ්‍ය අංශයට දොස් කියන්න එපා

වෛද්‍ය නවීන් සොයිසා කියයි.

මේ මොහොත වනතුරු මේ රටේ සෞඛ්‍ය අංශ නිවැරදිව සිය වගකීම ඉටු කර ඇති බවත්, මැතිවරණ කොමිසම විසින් ලබා දිය යුතු තීන්දුවක් පිළිබඳව සෞඛ්‍ය අංශ වෙත සියලු වගකීම පවරා කටයුතු කිරීම නිවැරදි ප්‍රවේශයක් නොවන බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ  උපලේකම් වෛද්‍ය නවීන් සොයිසා පැවසීය.

අපේ වගකීම තියෙන්නේ දේශපාලනය සම්බන්ධව නොවෙයි. මේ රටේ ඇතිවෙලා තියන බරපතලම සෞඛ්‍යය ගැටලුව වන කොරෝනා වසංගතයට මර්ධනය කරන්න. ඒ සඳහා සෞඛ්‍ය අංශ දුන්නු උපදෙස් මේ රටේ සියලුම පාර්ශව පිළිගත්තා. ඒ අනුව කටයුතු කළා. ඒ සෞඛ්‍ය පුරුදු පුරුදු කළා. විශේෂයෙන්ම ජනතාවට ස්තුතිවන්ත වෙන්න ඕන මේ වෙලාවෙ අති බහුතරය වගකීම් සහිතව හැසිරුණු ආකාරය ගැන. ඒ තමයි සෞඛ්‍ය අංශයක් ලෙස අපේ වගකීම. එය අපි කරලා තියනවා.

මේ සියල්ලෙම ප්‍රතිඵලයක් ලෙස කියනවා නම් මාර්තු 11 තිබුණු තත්වය නෙමෙයි දැන් රටේ තියෙන්නෙ. එය සමස්ථ සමාජයේ ජයග්‍රහණයක්. එහෙත් මැතිවරණය තියන එක තීන්දු කරන්න ඕන අපි නෙමෙයි. මැතිවරණ කොමිසම. එතන වරදක් තියනවා නම් ඒ වැරැද්ද සෞඛ්‍ය අංශ පිට පටවන එක වැරදියි. “


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෛද්‍ය නවීන් සොයිසා තවදුරටත් පැවසීය.

Exit mobile version