මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට මරණ තර්ජන ආවෙ පිට රටකින්… පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් තිදෙනාට පසුගිය දින දෙකක දී දුරකථනය හරහා තර්ජනය සිදුකර ඇත්තේ, විදෙස් රටක සිටි පුද්ගලයෙක් බව අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පැවසුවේය.

ඔහු ප්‍රකාශ කළේ අදාළ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති විශේෂ විමර්ශනයේ දී මේ බව හෙළි වුන බවය.

මේ සම්බන්ධව ප්‍රකාශයක් කරමින් පොලිස් මාධය ප්‍රකාශකවරයා මෙසේ ද පැවසීය.

“මේ විමර්ශනවලදී අනාවරණය වන දේ තමයි එකම දුරකථන අංකයකින් තමයි මේ තර්ජන සිදුවන්නේ. ඒ දුරකථන අංකය ගාල්ල ප්‍රදේශයේ යම් ලිපිනයක් සහිත දුරකථන අංකයක්. නමුත් ඒ පිළිබඳ සොයා බැලීමේදී මෙතෙක් අනාවරණය වෙලා තියෙනවා ඒ ලිපිනයේ සඳහන් ඒ පුද්ගලයා දැනට ලංකාවෙත් නැහැ. කියන එක තමයි දැනට අනාවරණය වී තිබෙන්නේ. “


“කෙසේ වෙතත් මේ දුරකථන ඇමතුම් විදේශ රටක සිට එන දුරකථන ඇමතුමක් කියලා නිරීක්ෂණය වෙලා තියෙනවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මේ අයතනවල සහායත් ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරලා තියෙනවා. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“නමුත් තවම හඳුනාගෙන නෑ කුමන පුද්ගලයෙක්ද මේ දුරකථන ඇමතුම ලබා දී තිබෙන්නේ කියලා. කෙසේ වෙතත් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මේ කටයුතු සිදුකරනවා. මැතිවරණ කොමිසමේ සමාජිකයින් තිදෙනාටම මේ ලැබුණු පැමිණිලි අනුව නිවෙස්වලට අවි සහිතව ආරක්ෂාව ලබාදීමට කටයුතු සිදුකරලා තියෙනවා.”

Exit mobile version