මැතිවරණ කොමිසමට එල්ලවන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා

ඡන්දෙ තියන්නෙ උපරිම විදිහට සෞඛ්‍යය පිළිවෙත් රකිමින්...

මැතිවරණ කොමිසමට එල්ලවන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව පැවසූ එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය තමා ප්‍රමුඛ කොමිසමට අවශ්‍ය වී තිබෙන්නේ සුදුසු පළමු මොහොතේම මැතිවරණය පැවැත්වීම බව පැවසීය.

ඉතිහාසයේ පැවති වෙන කිසිදු මැතිවරණයකට වඩා මේ මැතිවරණය ඉතා ආරක්ෂිතව සෞඛ්‍ය පිළිවෙත් අකුරටම පිළිපදිමින් පැවැත්විය යුතු බව හෙතෙම කීය.

මැතිවරණය පැවැත්වීම සම්බන්ධව අද (02) විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව  සඳහන් කළ සභාපති  මහින්ද දේශප්‍රිය මැතිවරණය ප්‍රමාද කිරීමට තම කොමිසමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි පෙන්වා දුන්නේය.


මහ මැතිවණය පැවැත්වීම මැතිවරණ කොමිසම විසින් ප්‍රමාද කරන බවට ඇතැම් පාර්ශව නගන චෝදනා තරයේ ප්‍රතික්ෂේප  කරන බවත් සෞඛ්‍ය අංශ මගින් ලබා දෙන සහතිකය මත එම සෞඛ්‍ය පිළිවෙත්වලට අනුකූළව මැතිවරණ සිතියම දිග හැරීමට තමන් සූදානම් බවත් හෙතෙම අවධාරණය කළේය.

මෙවර මැතිවරණය සඳහා සෞඛ්‍යය නිලධාරීන් විශාල ප්‍රමාණයක් යෙදවා ගැනීමට සිදුව තිබෙන බැවින් ඒ අනුව තැපැල් ඡන්දයට අදාල කටයුතු සිදුකිරීමට වැඩි කාලයක් ගතවනු ඇති බවත් කොමසාරිස්රවයා පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මැතිවරණයට අදාල මූලික කටයුතු බොහෝමයක් මැතිවරණ කොමිසම විසින් පසුගිය කාලය පුරාම සැලසුම් කළ අතර දැන් කොමිසම එම  සැලසුම් ක්‍රියාවට නන්වා මහමැතිවරණය පැවැත්වීමට කටයුතු කරනබව හෙතෙම වැඩිදුරටත් කීය.

 

 

Exit mobile version