මැඩගස්කර් ගුවන් තොටුපලේ දී යකා නැටූ හරක් කටා සහ කුඩු සළිඳු රටට ගෙනා හැටි!

මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්ව ඊයේ (15)  මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා වන හරක් කටා සහ කුඩු සළිඳු මෙරටට පැමිණීමට ඇති අවස්ථා මඟ හැර මැඩගස්කර අත්අඩංගුවට පත්ව එරට රැඳී සිටීමට උත්සාහ දරා ඇති බව වාර්තා වෙයි.

ශ්‍රි ලංකාවේ පොලිස් නිලධාරීන් ඔහු මෙරටට රැගෙන ඒමට ගුවන් තොටුපළට ගෙන ආ අවස්ථාවේ එතැනදී කළහකාරී ලෙස හැසිරෙමින් එහි නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගේ අවධානය ලබාගෙන මැඩගස්කර අත්අඩංගුවට පත්වීමට එලෙස උත්සාහ දරා ඇතැයි මෙම ආරංචි මාර්ග පවසයි.

කෙසේ වුවද ඔවුන් රැගෙන ඒම සඳහා  ශ්‍රි ලංකාවෙන් ගිය සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනා ඇතුළු නිලධාරීන් සිව් දෙනා ඉතා අසීරුවෙන් ඔවුන් රැගෙන  ඒමට සමත්ව ඇති බව සඳහන් වේ.

හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කරයේ ගුවන්තොටුපොළ වෙත ගෙන ආ අවස්ථාවේ ගුවන්යානයට නැඟීම ප්‍රතික්ෂේප කර ඇති අතර අවසානයේ දී උපක්‍රමශීලීව ඔවුන්ව පාලනය කරමින් ගුවන්යානයට ගොඩ කර ගෙන ඇත.


මෙම නිලධාරීන් මුලින්ම මැඩගස්කරයේ සිට කෙන්යාව බලා පැමිණ ඇති අතර කෙන්යාවේ සිට මුම්බායි බලා එන ගුවන් යානයකින්  මුම්බායි හරහා කොළඹට පැමිණ ඇත.

තවත් රටවල් දෙකක් හරහා ඔවුන් රැගෙන ඒමේදී පොලිස් නිලධාරීන්ට දැඩි අවධානයකින් යුතුව ඔවුන් හැසිරවීමට සිදුව ඇති අතර කෙන්යාවේ ගුවන් තොටුපලේ ඊළඟ ගුවන් යානයක් පැමිණෙන තෙක් පැය 18කට අධික කාලයක් ඔවුන් ගත කර ඇති බවද ආරංචි මාර්ග අනාවරණය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙලෙස කොළඹට ගෙන්වූ සැකකරුවන් දෙදෙනා සාමන්‍ය මඟින් බසින දොරටුව මඟ හැර ධාවන පථයට යොමු කළ පිවිසුමකින් පිටතට ගෙන ඇත අතර රැගෙන පැමණි පොලිස් නිලධාරීන් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට පත් කර ඇත.

Exit mobile version