මා ජීවත්ව සිටින තුරු සියල්කොට් ඝාතනය වැනි සිද්ධියක් යළි ඇතිවන්න ඉඩ දෙන්නෙ නෑ! – අගමැති ඉම්රාන්…

මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ නාමයෙන් ප්‍රචණ්ඩත්වයට යොමු වන කිසිවක් ඉතිරි කරන්නෙ නෑ....  

තමන් ජීවත්ව සිටින තුරු සියල්කොට් ඝාතනය වැනි සිද්ධීන් යළි ඇතිවීමට ඉඩ නොතබන බවත් මින් ඉදිරියට ආගමේ නාමයෙන් කුරිරු ක්‍රියා කරන කිසිවකු   “ඉතුරු නොකරන” බව අග්‍රාමාත්‍යවරයා ඉම්රාන් ඛාන් අද (07) අවධාරණයෙන් යුතුව සිය ජාතියටත් ලෝකයටත් ප්‍රතිඥාවක් දුන්නේය.

“මෙතැන් පටන් ආගම භාවිතා කරන, විශේෂයෙන්ම මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ නාමයෙන් ප්‍රචණ්ඩත්වයට යොමු වන යමෙක් හමුවුවහොත්, රජය  ඔවුන්ට කළ යුත්ත කරන බව අගමැතිවරයා ප්‍රකාශ කළේය.

මුහම්මද් නබි (සල්) තුමාණන් එවනු ලැබුවේ මුස්ලිම්වරුන්ට පමණක් නොව සමස්ත මානව වර්ගයාටම ආශීර්වාදයක් ලෙස බව ඔහු පැවසීය.


අවාසනාවන්ත ලෙස ඝාතනයට පත් ප්‍රියන්ත කුමාර    වෙනුවෙන් ශෝකය පළකිරීමට පාකිස්ථාන අග්‍රමාත්‍යවරයාගේ කාර්යාලයේ අද (07) පැවති විශේෂ වැඩසටහනේදී  අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් මේ බව සඳහන් කළේය.

“ඔහුගේ පණිවිඩය පදනම් වූයේ ප්‍රතිපත්ති දෙකක් මත යි. ඒ මනුෂ්‍යත්වය සහ යුක්තියි; මෙම ගතිලක්ෂණ දෙක මිනිසුන් සතුන්ගෙන් වෙන්කර හඳුනා ගන්නවා.,” ඔහු පැවසුවේ, සියල්කොට් හි සිදු වූ දෙය   වනාන්තරයේ පවතින නීතියක් වන නමුත් මානව සමාජවලට නොගැලපෙන බවය.

“මෙවැනි ඛේදනීය සිදුවීමකින් පසු, අප සැමට ආඩම්බරයක් ගෙන දුන් සිදුවීමක් තියනවා. එය තමයි ප්‍රියන්තගේ ජීවිතය බේරා ගැනීමට මලික් අද්නන්   උපරිම උත්සාහ කළ ආකාරය.  මලික් වැන්නෙක් අප අතර සිටීම ගැන මම අද සතුටු වෙනවා,” අග්‍රාමාත්‍යවරයා පැවසීය.

“රටකට අනුගමනය කිරීමට ආදර්ශයක් තිබීම ඉතා වැදගත්   අද්නාන් ගැන කවුරුන් ඇසූවත්, “මෙන්න නිවැරදි මාර්ගයේ සිටින මිනිසෙක් යැයි   පෙන්විය හැකියි.

“එක් සදාචාර සම්පන්න මිනිසෙක් හමුදාවක්” යන ඉංග්‍රීසි වාක්‍ය ඛණ්ඩයක් තිබෙනවා.   “පුද්ගලයෙකුගේ සදාචාරාත්මක ශක්තිය ඔවුගේ ශාරීරික ශක්තියට වඩා බොහෝ බරක් දරනවා.” අග්‍රාමාත්‍යවරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“පකිස්තානයේ තරුණයින් මලික් අද්නාන් සතුන් සිය ගණනක් ඉදිරියේ නැඟී සිටි මිනිසෙකු ලෙස සිහිපත් කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා,”  අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැවසීය.

Exit mobile version