මා කළ හෙළිදරව්ව ඉන්දියාව තහවුරු කළා… මහින්දානන්ද සී.අයි.ඩී. ගෙන්වන්න… පාඨලී කියයි…

නැනෝ යූරියා දියර පොහොර ගෙන ඒම සම්බන්ධයෙන් අති විශාල වංචාවක් සිදුව ඇති බවට තමන් විසින් කරන ලද හෙළිදරව්ව සත්‍ය බවට දැන් සනාථ වී ඇති    බැවිනි වහාම මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ප්‍රශ්න කරන ලෙස සමගි ජන බලවේගයේ මන්ත්‍රී පාඨලී චම්පිකර රණවක පැවසුවේය.

ඩොලර් හයක වටිනාකමක් සහිත නැනෝ යූරියා ලීටරයකට ඩොලර් විසිපහක් ගෙවා ඇති ආකාරයත්, කැබිනට් අනුමිතීන් උල්ලංඝණය කර එය ගෙන්වූ ආකාරයත්,  මේ ශාපලත් ගනුදෙණුවෙන් එක් ගොවි පවුලකට රුපියල් අට දහස බැගින් ගෙවීමට හැකි මුදලක් වංචා කළ ආකාරයත් හෙළි දරවු කළ විට තමන්ව සී.අයි.ඩී. කැඳවූ මහින්දානන්ද අලුත්ගමගේ මේ වනවිට ඉන්දියානු පොහොර සමාගම විසින් කළ හෙළිදරව් කිරීම් නිසා නිරුවත් වී ඇති බැවින් ඔහුව   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා මේ ජාතික ධනය කොල්ල කෑ ආකාරය ප්‍රශ්න කළ යුතුව ඇතැයි මන්ත්‍රීවරයා  පෙන්වා දුන්නේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (19)  “නැනෝ යූරියා වංචාව හා අදාල ඉන්දීය සමාගම ඒ පිළිබඳ කරුණු දැක්වීම” සඳහා පැවැති මාධ්‍ය හමුවක දී හෙතෙම මේ බව කරයි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ දැ පවසීය.

“2021.11.03 මා විසින් විපක්ෂ නායක කාර්යාලයේ දී පවත්වන ලද මාධ්‍ය හමුවේ දී මා හෙළි දරවු කළා ඔක්තෝබර් මස 18 වැනි දින කැබිනට් පත්‍රිකාවක් මගින් ඉන්දියාවෙන් නැනෝ යූරියා දියර පොහොර ගෙන ඒම සම්බන්ධයෙන් අති විශාල වංචාවක් සිදුවෙලා තියනවා කියලා.     ඒ පිළිබඳව කරන ලද හෙළිදරව්වෙන් පසු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  පාර්ලිමේන්තුවේ දී මට අවමන් සහගත ලෙස අපහාස කරමින් ප්‍රකාශයක් සිදු කළා.“

විශාල මාධ්‍ය ප්‍රචාරයක් ද ලබා දෙමින් මා කළ ප්‍රකාශය අසත්‍ය බවටත්, මෙහි තිබෙන්නේ නැනෝ නයිට්‍රජන් බවටත්, එලෙසම මෙහි වංචාවක් සිදුව නැති බවටත් අලුත්ගමගේ අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනුකළා.“


“දැන්  ඉන්දියානු ගොවි පොහොර සමූපාකාර සමාගමේ තාක්ෂණ නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. අනිල් යාදව් මහතා ඊයේ මේ පිළිබඳව මාධ්‍ය හමුවක් පැවැත්වූවා. ඒ මාධ්‍ය හමුවේදී මවිසින් ප්‍රකාශ කරන ලද සියලුම කරුණු සත්‍ය බව ඔප්පු වෙන ආකාරයට එතුමා තමන්ගේ ප්‍රකාශය කළා. පළමුව මේ රසායනික පොහොර තහනම් කළා කිව්වට මේ ගෙන එන පොහොර දියරය පැහැදිලිවම නැනෝ තාක්ෂණයෙන් බිහිවෙච්ච රසායනික පොහොරක් මිස ස්වභාවික කාබනික පොහොරක් නොවන බව ඔහුගේ කතාවෙන් පැහැදිලි වුණා. ඒක සම්පූර්ණ ඇත්තක්.”

“නැනෝ තත්ත්වයේ පවතින දේ ස්වභාවික නොවන අතර ඒවා නිෂ්පාදනය කළ යුතුය. එවැනි නිෂ්පාදෛතයන් ස්වාභාවික පොහොරක් නොවන අතර එය අනිවාර්යයෙන් ම රසායනික පොහොරක්. මන්ද එය නිෂ්පාදනය කරන්නේ රසායනික ද්‍රව්‍ය හරහා යි.“

“මෙහි පොහොර මිලි ලීටර් පන්සීයක මිල ඉන්දියානු රුපියල් 240 ක් බව ඔහු ප්‍රකාශ කළා. මා කිව්වෙත් ඒකමයි. ලීටරයක් ඉන්දියානු   රුපියල් 480 ක් කියලා. එතකොට මේක වෙන්නේ ඩොලර් 06 කට ආසන්න ප්‍රමාණයක්.

නමුත් මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා   මේ  ද පොහොර ගෙන එනවයි කියලා කැබිනට් මණ්ඩලයට පොරොන්දු වුණේ කලම්බු කොමර්ෂල් පොහොර සමාගම හරහා. නමුත් ඔහු මේක ගෙනාවේ වෙනත් පුද්ගලික පිරිසකගේ ට්‍රස්ට් එකක් හරහා. ඒ ගැන ප්‍රකාශ කරලා තියෙන කැබිනට් පත්‍රිකාවේ තියෙන්නෙ ඒකෙන් මිල ගණන් කැඳවනවා කියලා විතරයි.

ඊළඟට මේ පොහොර ලීටර් මිලියන 2.1 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 52 ක මුදලක් වැය කරන බව ඒ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ එක ලීටරයක්, ඩොලර් 25 කට ආසන්න මුදලක් තමයි ගෙන්නන්න යන්නේ. ඉතින් ඒ හරහා තමයි මේ මහා වංචාව සිද්ධවෙන්නේ. මං පෙන්නලා දුන්නා ගොවි පවුල් දස ලක්ෂයකට රුපියල් අටදාහ ගානේ ලබා දෙන්න තරම් වටිනා මුදලක් මේ සාපලත් පාලකයින් විසින් ගොවි ජනතාවගේ පොහොර තහනම් කරලා ලබාදීපු එම නැනෝ පොහොර වලින් කොල්ල කාගෙන ඇති බව.”

“මින්පසුව මතුවන සංකූලතා කෙසේ වෙතත් මේ චෝදනාව දැන් ඔප්පු වී හමාරය. ඒ නිසා රහස් පොලීසියට ගිය මහින්දානන්ද අලුත්ගමගේව දැන් රහස් පොලීසිය ප්‍රශ්න කළ යුතුය. කවුද මේ ජාවාරම පිටිපස්සේ හිටියේ? “

“මේ ඊනියා සමාගම සිය ගිණුම සකස් කරලා තියෙන්නේ   2021.10.18 වෙනිදාමයි. කැබිනට් පත්‍රිකාව ආපු දවසෙමයි. 19 වෙනිදාම මේ කටයුතු කරලා තියෙනවා. ඊට පසුව මේ ගිණුම වසා දමලා තියෙනවා. මේ වංචනිකයින් අත්අඩංගුවට ගත යුතුයි. තරාතිරම නොබලා රාජ්‍ය ඇමතිද, ඇමතිද, මීට සම්බන්ධ ඊට වඩා ඉහල ඇත්තෝද,.. ඒ සියලු දෙනාට  ය වහාම මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් අපි ඉල්ලා හිටිනවා නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියලා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ වගේම මේ සම්බන්ධයෙන් අදාළ සමාගමෙනුත් අපි ඉල්ලා හිටිනවා… විශේෂයෙන්ම තමන් ගෙවන ලද මිල හරි හැටියට මේ රටට ලෝකෙට ප්‍රකාශ කළ යුතුයි. රජය මේ ගැන මැදිහත් නොවුනත් අනාගතය අනිවාර්යෙන්ම මේ දූෂිත වංචාවට එරෙහිව මේ රටේ ජනතාව, මේ රටේ ගොවි ජනතාව දැන් පෙළගැසිය යුතු බව, ඉතාම පැහැදිලියි.”

Exit mobile version