අඟහරුවාදා, ජූනි 30, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මා ඔස්ට්‍රේලියානු ජනතාවට සහ ආයෝජකයින්ට කියනවා වෙනස් වී ඇති ශ්‍රී ලංකාවට එන්න… ඇවිත් ඔබම ඒ රට දැකගන්න… ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය කියයි!

by editor
අගෝස්තු 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • දූෂණයෙන් තොර ආර්ථිකයක් කියන්නේ ඔබේ රටේ නායකත්වයේ පොරොන්දුව… එය යථාර්තයක් වෙන මොහොතේ දී ඔබේ රටට ඔස්ට්‍රේලියානු ආයෝජකයින් ආකර්ශනය වේවි…

ශ්‍රී ලංකාවට යන ලෙසත් වෙනස් වී ඇති ශ්‍රී ලංකාව දකින ලෙසත් තමන් ඔස්ට්‍රේලියානු සංචාරකයින්ට මෙන්ම ව්‍යාපාරිකයින්ට ද ප්‍රකාශ කරන බව ඔස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකාර සමැන්තා ජෝයි මොස්ටින් අද (08) පැවසුවාය.

ඇය මේ බව ප්‍රකාශ කළේ නූතන හා බහු සංස්කෘතික ප්‍රජාතන්ත්‍රවාදයක නායකත්වය යන මාතෘකාව යටතේ කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

විශාල ප්‍රාග්ධනයක් සහිත රටක්වන ඔස්ට්‍රේලියාව මැදිහත්ව ලොව පුරා සිදු කරන ඍජු ආයෝජන යන්න අමුතු දෙයක් නොවන නමුත් එවැනි ආයෝජන සිදුකරනු ලබන්නේ නීති මත පදනම් වූ පද්ධතියක් තුළ බවත්,  දූෂණයෙන් තොර පරිසරයක දිගු කාලීනව ව්‍යාපාර පවත්වා ගත හැකි පදනම බවත් පෙන්වා දුන් ආණ්ඩුකාරවරිය අවධාරණය කළේ ශ්‍රී ලංකාව දූෂණයෙන් තොර ආර්ථිකයක් ගොඩනගන බවට වූ සහතිකය ලබා දුනහොත් ඍජු ආයෝජනයන් කරන ව්‍යාපාරිකයන් ඉන් දිරිමත් වනු ඇති බවය.

ඒ වෙනස ඇති කරගත හැකි නායකත්වයක් ශ්‍රී ලංකා ජනතාව විසින් පත් කරගෙන සිටින බව ඒ නායකතක්වය විසින් ලබා දුන් දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවක් පිළිබඳ පොරොන්දුව ඔස්ට්‍රේලියානුවන්ට, ඔස්ට්‍රේලියානු ව්‍යාපාරිකයින්ට සහ ආයෝජකයින්ට ඉතාම වැදගත් වනු ඇති බව ද ආණ්ඩුකාරවරිය කීවාය.

ඇය සිරස රූපවාහිනිය හා පැවති සම්මුඛ සාකච්ඡාවේ දී මෙසේ ද කීවාය.

RelatedPosts

මේ සතියේ දෝහා නුවර දී පැවැත්වීමට නියමිත ඇමරිකා – ඉරාන සාකච්ඡා ඉරානයෙන් ප්‍රතික්ෂේප කරයි!

වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ අවසන් දිනය අදයි: දීර්ඝ කිරීමක් ගැන තවමත් නිල නිවේදනයක් නැහැ!

හරක් කටාගෙන් කෝටි ගණන් ගැසූ දේශපාලනඥයන්, නීතිඥයන් සහ පොලිස් ලොක්කන් කොටුකරගන්න දැවැන්ත විමර්ශනයක්!

“මම මෙතෙක් කතා නොකරපු එක දෙයක් සහ ඔබේ රටේ ආර්ථිකයට ඉතාම වැදගත් අංගයක් තමයි සංචාරක කර්මාන්තය. ඉතින් මට කියන්න තියන දේ තමයි ලංකාවට යන්න. සංචාරකයින් ලෙස ඔබම ඇවිත් අලුත් ලංකාව බලා ගන්න. ලංකාව ඉතිහාසයේ ඉඳලා නූතනත්වය දක්වා ගමන් කරන විදිහ දැකගන්න. ”

“ඔස්ට්‍රේලියාවට වගේම ශ්‍රී ලංකාවටත් ලොකු ඉතිහාසයක් තියනවා. ලෝකයේ සියලුම ශ්‍රේෂ‍්ඨ රාජ්‍යයන්ට ඉතිහාසයේ සිදුවු දේවල් සමග තර්ක කිරීමට සිදුවෙලා. විශේෂයෙන්ම තරුණ ඔස්ට්‍රේලියානුවන්ට.”

“මම දන්නවා ඔබ මේ වනවිට සංහිඳියාව ලඟා කරගැනීමට ක්‍රියා කරනවා කියලා. අපේ රටේ තිබෙන්නෙත් ඒකෙම වෙනස් තත්ත්වයක්. ඔස්ට්‍රේලියාවේ ආදිවාසීන් සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ ඉතිහාසය පිලිබඳ සාකච්ඡා ඊට සම්බන්ධයි. නමුත් ජාතීන් විදිහට අපව නූතනත්වයට ගෙනියන අංග මොනවා ද?… අපි ආවෙ කොහෙන්ද, අපි නූතනත්වයට මුහුණ දෙනකොට ඇතිවන අභායෝග මොනවා ද, නවීන ලෝකයට මුහුණ දෙනකොට අපට වෙලා තියෙන්නේ කුමක් ද ?. ඒ සියල්ල අපේම ක්‍රමයකට විසඳා ගන්නේ කොහොමද කියලා අපි හිතනවා.”

“ඒ කියන්නේ මම කියන්නේ ශ්‍රී ලංකාවට එන්න. සංචාරය කරන්න. මීට වසර විස්සකට පෙර මම ශ්‍රී ලංකාවට ආපු ගමන සංකීර්ණයි. මම ආවේ සුනාමි ව්‍යසනයෙන් පරිසරය විනාශ වෙලා තියනකොට. යටිතල පහසුකම් විනාශ වුන ඒ ප්‍රදේශවලට මිනිස්සු ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවයන් දැඩි ලෙස මතුවෙලා තිබුණා. අපි ඒ අවශ්‍යතාවයට පිලිතුරු දුන්නෙ මෙහි පැමිණ මුදල් රට තුළට ගෙන ඒමෙන්. මෙහෙ කාලය ගත කිරීමෙන්. මෙහෙ ඉන්න පුද්ගලයින් හඳුනා ගැනීමෙන් වගේම ඔවුන්ට සවන් දීමෙන්.
මට කවදාවත් ඒක අමතක වෙන්නේ නෑ. ”

“මම නැවත ලංකාවට ආපසු පැමිණීම ගැන කියනවා නම් ඒ වසර ගණනාව පුරාවටම වෙනස් වෙලා නැති දෙයක් තමයි මේ රටෙන් ලැබෙන උණුසුම් පිළිගැනීම සහ මෙරටට පැමිණෙන අය සමග ශ්‍රී ලාංකික සංස්කෘතිය බෙදා ගැනීමට රටේ මිනිස්සුන් තිබෙන උනන්දුව.”

“ඉතින් මම හිතනවා ලෝකයේ මිනිසුන් මේ රටට පැමිණිය යුතුයි කියලා. සංචාරක කර්මාන්තය වර්ධනය වෙයි කියලා මම බලපොරොත්තු වෙනවා.”

“දූෂණයෙන් තොර ආර්ථිකයක් ගොඩනැගිය හැකි බව ඔබ තහවුරු කළහොත් විශේෂ ඍජු ආයෝජන සහ ව්‍යාපාරවලට වගේම ව්‍යාපාරිකයින්ට ඉන් දිරිමත් වේවි කියලා මා හිතනවා. එය ඔබගේ රටේ නායකත්වය දීලා තියන පොරොන්දුවක්. එය ඔස්ට්‍රේලියානුවන්ට, ඔස්ට්‍රේලියානු ව්‍යාපාරිකයින්ට සහ ආයෝජකයින්ට ඉතාම වැදගත්.”

“අපට විවිධාකාරයෙන් ආයෝජනය කරන්න විශාල ප්‍රාග් ධනයක් තියනවා. විදෙස් ඍජු ආයෝජන කියන්නෙ අපි ලොව පුරා කරන දෙයක්. අපි ඒක කරන්නේ නීති මත පදනම් වූ පද්ධතියක් තුළ. දූෂණයෙන් තොරව දිගු කාලීනත්වය මත අපට එක්ව ගොඩනැගිය හැකි ස්ථානවල.”

“ඒ නිසා මම ඔස්ට්‍රේලියානුවන්ට කියන්නේ අප ඉතිහාසය තුළ ගමන් කළ ආකාරය ගැන සිතනවා වගේම ශ්‍රී ලංකාව ආ ගමන ගැනත් සිතන්න. නමුත් ශ්‍රී ලංකාව මේ සියල්ල කළේ සිවිල් යුද්ධයකට මුහුණ දෙමින් කියන එකත් මතක් කරගන්න. ඉන් පසුව ආර්ථික කඩා වැටීමකට මුහුණ දුන්නා. දැන් එ් අර්බුදයෙන් බැහැර විය හැකි නායකත්වයක් තෝරා ගැනීමට ඔබ ජාතියක් ලෙස කටයුතු කරලා තියනවා. ප්‍රගතිශීලිව ඉදිරියට යන්නත් කටයුතු කරලා තියනවා. අපි ඔබ සමග එක්ව කටයුතු කළ යුතුයි. ඒක තමයි මගේ විශ්වාසය. ”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවසන් රන්දෝලි පෙරහර බලන්න පැමිණි පිරිස ලක්ෂ 05 පනී…

Next Post

බලපත්‍රයක් නැති මැණික්යැයි පැවසෙන ගලක් කෝටි 50කට විකුණන්න ගිය කුණ්ඩසාල සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කොටු!

Related Posts

iran
පුවත්

මේ සතියේ දෝහා නුවර දී පැවැත්වීමට නියමිත ඇමරිකා – ඉරාන සාකච්ඡා ඉරානයෙන් ප්‍රතික්ෂේප කරයි!

ජූනි 30, 2026
ASSETS-and-LIABILITIES,
පුවත්

වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ අවසන් දිනය අදයි: දීර්ඝ කිරීමක් ගැන තවමත් නිල නිවේදනයක් නැහැ!

ජූනි 30, 2026
Harak-Kata
පුවත්

හරක් කටාගෙන් කෝටි ගණන් ගැසූ දේශපාලනඥයන්, නීතිඥයන් සහ පොලිස් ලොක්කන් කොටුකරගන්න දැවැන්ත විමර්ශනයක්!

ජූනි 30, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
iran

මේ සතියේ දෝහා නුවර දී පැවැත්වීමට නියමිත ඇමරිකා – ඉරාන සාකච්ඡා ඉරානයෙන් ප්‍රතික්ෂේප කරයි!

ජූනි 30, 2026
ASSETS-and-LIABILITIES,

වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ අවසන් දිනය අදයි: දීර්ඝ කිරීමක් ගැන තවමත් නිල නිවේදනයක් නැහැ!

ජූනි 30, 2026
Harak-Kata

හරක් කටාගෙන් කෝටි ගණන් ගැසූ දේශපාලනඥයන්, නීතිඥයන් සහ පොලිස් ලොක්කන් කොටුකරගන්න දැවැන්ත විමර්ශනයක්!

ජූනි 30, 2026
ADVERTISEMENT
  • Wijedasa-R

    විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මේ සතියේ දෝහා නුවර දී පැවැත්වීමට නියමිත ඇමරිකා – ඉරාන සාකච්ඡා ඉරානයෙන් ප්‍රතික්ෂේප කරයි!
  • වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ අවසන් දිනය අදයි: දීර්ඝ කිරීමක් ගැන තවමත් නිල නිවේදනයක් නැහැ!
  • හරක් කටාගෙන් කෝටි ගණන් ගැසූ දේශපාලනඥයන්, නීතිඥයන් සහ පොලිස් ලොක්කන් කොටුකරගන්න දැවැන්ත විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.