මා අපරාධකරුවෙක් නොවෙයි… දේව දරුවෙක්… පොලිසිය කපුවා සොයද්දී කපුවා ෆේස් බුක් ඇවිත් කියයි..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



තමන් අපරාධ කරුවෙක් නොව දෙවියන් සමග ගනුදෙණු කරන දේව දරුවෙක් බවත්, බුද්ධ ශාසනයේ චිරස්ථිතියට විශාල වැඩ කොටසක් කළ පුද්ගලයෙක් බවත් තමන්ට ශ්‍රී මහා භද්‍රකාලී මෑණියන්ගේ පිහිට ආරක්ෂාව තිබෙන බවත් ගාල් තැන්නේ දී පුද්ගලයින් දෙදෙනෙක් වධයට ලක් කළ බවට පොලිසිය සැක කරන පුද්ගලයා වූ දුෂ්මන්ත ප්‍රනාන්දු නැමැති කපුවා සිය ෆේස් බුක් පිටුවේ වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටී.

ඔහු මෙසේ මුහුණු පොතේ වීඩියෝ නිකුත් කරන්නේ ඔහු සොයා පොලිස් කණ්ඩායම් පහක් දැවැන්ත මෙහෙයුමක් දියත් කර ඇති බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මාධ්‍යයට කියද්දීය.

දුෂ්මන්ත ප්‍රනාන්දු නැමැති මේ තැනැත්තා කියා සිටින්නේ නුවර කුඩු ජාවාරමක් හෙළි දරවු කිරීම නිසා උරණ වූ ජාවාරම් කරුවන් පිරිසක් තමන්ට එරෙහිව මඩ ගසා තමන් ගේ චරිතය ඝාතනය කර අවසානයේ වෙඩි තබා මරා දමන්නට උත්සාහ කරන බවය.
ඔහු කියන ආකාරයට කුඩු නිසා සිය ලඟම ඥාතීන්ගේ දරුවන් ව්‍යසනයට ලක් වූ බැවින් තමන් ද කුඩු මාෆියාවේ වින්දිතයෙක් බවය. ඒ නිසාම කුඩු ව්‍යසනයෙන් තරුණ දරුවන් බේරා ගන්නට කටයුතු කරන බවය.

ගාල්කන්දේ දී තමුන්ට විරුද්ධව සිටි පුද්ගලයන් දෙදෙනෙකුට ඇණ ගැසුවේ තමන් නොව තමන් විසින් මත්කුඩු උවදුරින් බේරාගත් පිරිසක් බවත් ඔහු මේ වීඩියෝවෙන් කියන්නේය.

තමන් ජීවිතාරක්ෂාවට සැඟවී සිටින බවත් ඉදිරියේදී නීතියට භාර වන බවත් ඔහු එහිදී පැහැදිලි කරන්නේය.

Exit mobile version