ලුණුගල බදුල්ල මාර්ගයේ බස් රථය අනතුරට ලක් වූයේ මීට මාස 06කට පෙර එම මාර්ගයට කඩා වැටුණු කළු ගලක් නිසා බව ප්‍රදේශවාසීහු ලංකාසරට පැවසූහ.
මිට මාස 06කට පෙර පැවති අධික වර්ෂාව නිසා විශාල කලුගලක් පාරට වැටී තිබීම නිසා අනතුරු සිදුවූ ස්ථානයේ මාර්ගය එක් මංතීරුවකට පමණක් සීමා වී ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
අද බස් රථය අනතුරට ලක් වූ ස්ථානයේ තුවලාකරුවන් ප්‍රපාතයෙන් ගොඩට ගෙන එමින් සිටිය දී ද එක්වරම කළු ගලක් පෙරළීම නිසා එක් අයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළේය. ඔහුට පයක් අහිමවන තරමට තුවාල සිදු වී තිබිණි.
මෙම කළුගල ඉවත් කරන ලෙස අදාල ආයතන හා බලධාරීන් දැනුවත් කළද අදාල පුද්ගලයන් හෝ ආයතන සිය වගකීම නිසිපරිදි ඉටු නොකිරීම මෙම අනතුරට ප්‍රධාන හේතුව බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.