මාසෙකටම මුව ආවරණ 05යි… දීමනා තබා ආරක්ෂිත ඇඳුම්වත් නෑ… ආයුර්වේද කාර්ය මණ්ඩල මගට බසිති….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ආයුර්වේද සෞඛ්‍ය කාර්යය මණ්ඩලය මුහුණ දීමට සිදුව ඇති ගැටලු ගණනාවක් පදනම් කරගෙන අද (2) කුරුණෑගල වෙලගෙදර ආයුර්වේද රෝහල ඉදිරිපිට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විරෝධතා දැක්වූ හ.

මෙහිදී සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට ලබා දෙන විශේෂ මාසික දීමනාව වන රුපියල් හත්දාස් 7500 දීමනාව, කොවඩ් ආරක්ෂිත උපකරණ විධිමත්ව ලබා නොදීම, අතිකාල කප්පාදුව , අනීතිකව කාර්ය මණ්ඩල සඳහා බහු කාර්ය සංවර්ධන බලකා සාමාජිකයන් බඳවා ගැනීම, උසස්වීම් ලබා නොදීම, පුරප්පාඩු නොපිරි වීම, ඖෂධ සංයෝජක දීමනාව ලබා නොදීම, නිල ඇඳුම් දීමනාව ලබා නොදීම, ස්ථාන මාරු ක්‍රියාවලිය නිවැරදි කරගැනීම යන ගැටලු ගණනාවක් පදනම් කරගෙන සමස්ත ලංකා ආයුර්වේද සුව සේවා සංගමය මෙලෙස විරෝධතා දැක්වීය.

මේ වන විට රට තුළ මතුව ඇති කොවිඩ් වසංගත තත්වය හමුවේ අකමැත්තෙන් වුවද වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවූය , ආරක්ෂිත උපකරණවත් නිසියාකාරව ලබා නොදීම පදනම් කරගෙන බව ඔවුහු කීහ.

එක් අයෙකු සඳහා මසකට මුඛ ආවරණ පහක් පමණක් ලබාදෙන තත්ත්වයට පත්ව තිබියදී රාජකාරි කටයුතු කරගෙන යෑම ගැටලු සහගත බව වෛද්‍යවරයා මෙහිදී සඳහන් කළේය . මේ කාරණා පදනම් කරගෙන සමස්ථ දිවයිනේම ආයුර්වේද සුව සේවා සංගම් විරෝධතා දක්වන බව වෛද්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Exit mobile version