මාස්ක් එක ගැලවෙන දවස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි!

බූස්ටර් මාත්‍රාව රටේ ජනගහණයෙන් සියයට අසූවක් පමණ ලබාගෙන නිම වූ පසු මුව  ආවරණ ඉවත් කළ හැකි බව   සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  විශේෂඥ වෛද්‍ය අසෙල් ගුණවර්ධන පවසයි.

රට තුළ තවමත් බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇත්තේ සියයට පනස් හතරකට අඩු පිරිසක් පමණක් බව පෙන්වා දෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  එය කිසිසේත්ම සෑහීමකට පත්විය හැකි තත්වයක් නොවන බව කීවේය.

“අපට සියයට අසූවක් ඉක්මවා ගියොත්  පුලුවන් මාස්ක් එක ගලවන්න. අනෙක් රටවල් ප්‍රතිශක්ති කරණය හොඳට ගිය නිසා තමයි මාර්ස්ක් එක ගැලෙව්වෙ. “ ඔහු කීවේය.


එමෙන්ම පළමු හෝ දෙවන එන්නත් මාත්‍රා ලබා නොගත් අයට  ෆයිසර් එන්නත ලබා දීම ආරම්භ කර ඇති බවත්,  ඕනෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකින් එය ලබා ගත හැකි බවත් ඔහු කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාවේ පූර්ණ එන්නත්කරණය යනු  එන්නත් මාත්‍රා දෙක සහ බූස්ටර් එන්නත සහිත මාත්‍රා තුනබව  කී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබන අප්‍රේල් මස 30 දා සිට එන්නත් මාත්‍රා තුනම ලබා ගත් අය වෙත පමණක් විවෘතවන පොදු ස්ථාන ලයිස්තුව ප්‍රකාශ කරන බව කීවේය.

 

Exit mobile version