අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාරුවෙන් මාරුවට රට කළ ප්‍රභූ ප්‍රතිරූපක ලස්කිරිඤ්ඤයින්ගේ ඉතිහාසය ගැන කලාකරුවෙක් කී කතාව…

by editor
පෙබරවාරි 24, 2023
in පුවත්
Buddhadasa-Withanarachchi

ප්‍රවීන කලාකරු බුද්ධදාස විතානාරච්චි.

Share on FacebookShare on Twitter

අද මේ රටේ දේශපාලන බලය අත්පත් කරගත් මේ ප්‍රධාන ධාරාවේ ඉන්නා චරිත ප්‍රභූ ප්‍රතිරූපක ලස්කිරිඤ්ඤයින් බවත්, මේ රටේ සබෑ ප්‍රභූවරුන් ඔවුන් ප්‍රභූත්වයට ඔසවා තැබූ මේ රටේ තැලෙන පොඩිවෙන ජනතාව බවත්  ප්‍රවීන කලාකරු බුද්ධදාස විතානාරච්චි පැවසුවේය.

මේ රටේ දේශපාලනය කරන ප්‍රභූ පැලැන්තියේ ඉතිහාසය විවරණය කරමින් ජාතික ජන බලවේගයේ මහනුවර ජන රැලිය ඇමතූ බුද්ධදාස විතානාරච්චි මෙසේ ද පැවසුවේය.

මහනුවර ජන රැලිය…

මම නිදහසට පෙර උපන් කෙනෙක්. ඩී.එස්. සේනානායකගේ සිට මේ වර්තමානයේ සිටින ලස්කිරිඤ්ඤ පාලකයන් දක්වාම මම දැකලා තිබෙනවා. සමහරු සමග වැඩ කර තිබෙනවා. ජාතියේ පියා කුඩා කාලයේ දැකලා තියෙනවා. මම දැදිගම. 1965 ඉඳලා මේ දක්වා මම ඡන්දෙ පාවිච්චි කර තිබෙනවා.

මහනුවර රාජධානියේ වඩුගයන්ට අපි අවුරුදු ගණනක් යටත් වෙලා හිටියා. ඊට පස්සේ බ්‍රිතාන්‍යයේ සුද්දන්ට. ඊට පස්සේ 75 වසරක් මේ රටේ ඉන්න ලස්කිරිඤ්ඤයන්ට. තමුන්නාන්සේලා කියන්නේ කළු සුද්දන් කියලා.  මම ඒගොල්ලන්ගේ ඉතිහාසය තමුන්නාන්සේලාට කියා දෙන්නම්. පොත පත කියවන අය ඉන්නවා නම් මහාචාර්ය කුමාරි ජයවර්ධනගේ ‘සොක්කන් ලොක්කං’ වූ පොත කියවන්න. එතකොට ප්‍රභූවරුන්ගේ පැටිකිරිය හඳුනාගත හැකියි. එක්දහස් අටසිය ගණන්වල අගභාගයේ, අරක්කු රේන්දවලින්, මිනිරන් පතල්වලින් ආදායම් ලබාගත්ත මිනිස්සු මුදලින් පොහොසත් වෙලා මුදලිකම්, මුහන්දිරම්කම් ගත්තා. ඒක හොඳට බලන්න පුළුවන් ටෙලි නාට්‍යයක් තියෙනවා ඒකේ ඉන්නවා ‘කඩුල්ලේ කුරුතේලිස්ලා’. ‘ඉන්ගම්දෑලේ හිටපු අප්පුහාමිලා’ තමයි ඔය. ඒ ගොල්ලෝ පොහොසත් වෙලා ප්‍රභූ වෙන්ඩ ලොකු ගෙවල් හදාගෙන ඒවා වලව් කියලා නම් දාගෙන හාමුලා, මුදලි මුහන්දිරම් වුණා. කොරමැන්ඩල්වලින් ආව ආද්‍රීන් කියන තැනැත්තාගෙන් පැවතෙන ලන්දේසි කාලේ ජූලියස් රිචඩ් ජයවර්ධනගෙ උත්පත්තිය මුල අග තියෙනවා. ධර්ම ශ්‍රී කාරියවසම් ලියා තිබෙන පොතේ තියෙනවා, ‘හන්දි මුදියන්සේ’ තෝඹු මුදියන්සේ කියලා. ඒ පොත කියවන්න.

කෝට්ටේ යුගයේ හිටපු අරිට්ට කීවෙංඩු පෙරුමාල්ලාගෙ කාලෙ ආව නීලප්පෙරුමාල්ගෙ මුනුපුරා තමයි මේ රටේ ආගම, භාෂාව  පාවිච්චි කරලා දේශපාලන බලය අල්ලා ගත්තේ කවුද කියලා ඔගොලලෝ දන්නවා. 1948 නිදහසෙන් පස්සේ මේ රට වෙනස් කළේ පක්ෂ හදාගෙන ඔය දෙගොල්ලෝ. 1958 ‘ශ්‍රී’ කළබල ඇති වුණා. ඊට පස්සේ දිගටම ජනවර්ග කලබල ඇතිවුණා. 71 තරුණයන් නැගී හිටියේ ඇයි? ඒ නැගී සිටීමේ ප්‍රතිඵල සොයා බලන්න. අක්කර දහස් ගණන් තිබූ ඒවා අක්කර 50ට බැස්සේ මොකද? 71 නිසා. 71 එංගලන්තේ මහ රැජිනට විරුද්ධව විජේවීර කැරලි ගැහුවා කිවුවා. 1972 වෙන කල් තිබුණේ මහ රැජිනගේ රාජ්‍යය. 71 ප්‍රතිඵලය තමයි ජනරජයක් බිහිවීම. ඒ ජනරජයක් බිහිකළේ මේ රටේ දහස් ගණන් දූ පුතුන් ජීවිත පරිත්‍යාග කරලා. කඩප්පුලි පාලකයෝ ඒ වීරෝදාර දරුවන් ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වනවා.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

47 ඉඳලා 77 වෙනකල් අවුරුදු 30ක් හොරගොල්ලේ වලව්වෙන් බෝතලේ වලව්වට, බෝතලේ වලව්වෙන් හොරගොල්ල වලව්වට තමයි ඔටුන්න මාරු වුණේ. 77 වලව්වල තිබුණු ඔටුන්න වතුවලට ගියා. සේද වත්තේ ජයවර්ධනලාටයි, කෙසෙල් වත්තෙ ප්‍රේමදාසලාටයි. දේශපාලන ශිෂ්ටාචාරයේ කනපිට ගහපු තැන එතැනයි. වලව්වල පාලනයේදී කිසියම් ශිෂ්ටාචාරයක් සභ්‍යත්වයක් තිබුණා. ත්‍රාඩයෝ, චේන් කඩාපුවෝ හිටියේ නැහැ. කෙසෙල් වත්තට බලය ගියාට සොත්ති උපාලිත්, යූ.එන්.පී. එකේ කෘත්‍යාධිකාරී සභිකයෙක් වුණා. 77න් පස්සේ තමයි ලංකාවේ දේශපාලනය වලත්තයන් අතට පත්වුණේ. පාදඩයන් අතට පත්වුණේ. යූ.එන්.පී.යේ ලුම්පනයිස් තමයි අද ස.ජ.බෙ. ඉන්නේ. යූ.එන්.පී.යේ ලුම්පනයිස් එක පාදඩකරණය තමයි අද පොහොට්ටුව කියන්නේ. ඔය කිසිකෙනෙක් ප්‍රභූවරු නොවෙයි. තමුන්නාන්සේලා තමයි ප්‍රභූවරු මේ රටේ. අනික් අය ජනතාවම කොල්ලකාපු තක්කඩි, ලස්කිරිඤ්ඤෝ.

මේ ලස්කිරිඤ්ඤයෝ කියන්නේ කවුද? පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි හමුදා නුවරට ගහන්න එනකොට, ඒ හමුදාවලට  සහාය දුන්න ස්වදේශික හමුදා හැඳින්වුවේ ලස්කිරිඤ්ඤ හමුදාව කියලා. ඔය අප්පුහාමිලත් හඳුන්වන්නේ ලස්කිරිඤ්ඤයෝ කියලා. චේන් කඩපු ඒවො පාර්ලිමේන්තුවේ හිටියේ කවද්ද? පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගැහුවේ කවද්ද? පාර්ලිමේන්තුවේ තියෙන බයිබලේ අරගෙන විසි කළේ කවුද? ඕව ඉස්සර සිදුවුණේ නැහැ. මම රනිල් මල්ලිට, දිනේශ් මල්ලිට කියන්නේ ඕගොල්ලෝ මේ ජනතාවට හාමු පාට් දාන්න එපා. මින් ඉදිරියට හාමුලත් නැහැ. අප්පොලත් නැහැ. ප්‍රභූලත් නැහැ. තමුන්නාන්සේලා තමයි ප්‍රභූ. මේ ජනතාවගේ බලයක්, රජයක් ගොඩනැගෙමින් තිබෙනවා. ඒකට නායකත්වය දෙන්න බලවේගයක් තිබෙනවා. එය පරාජය කරන්න කිසිවෙකුටත් නොහැකියි.

ලෝකයේ මහාද්වීප පහ තුළම ජාතික ජන බලවේගය ඉතා හොඳින් හදවතින්ම ක්‍රියාත්මක වෙනවා. වෙන පක්ෂවලට ඒ හැකියාව නැහැ. ජාතික ජන බලවේගය ඉදිරියේ ප්‍රභූලා කැන්සල්. එක්දහස් නවසිය ගණන්වල ඉඳලා අපි කියපු දේවල් අද ජනතාව තේරුම් ගනිමින් ඉන්න එක සතුටක්. අපිත් එක්ක හිරගෙවල්වල හිටපු අය, මැරුම්කාපු අය, දැකපු සිහින දැන් ජනතාව තේරුම් ගනිමින් ඉන්නවා. ජනබලය ගොඩනැගෙනවා. ඒකට අවශ්‍ය නායකත්වය තිබෙනවා.

අපි ජීවිත කාලයක් අරගල කළ එකේ ප්‍රතිඵල මැරෙන්න ඉස්සෙල්ලා දකින එක බලාපොරොත්තුවක්. ජාතික ජන බලවේගයට, මාලිමාවට, තැලී පෙලී සිටින පොදු ජනතාවට ජයග්‍රහණය ලැබේවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තීරණාත්මක සාකච්ඡාවක් සඳහා මැතිවරණ කොමිසම අද රැස් වෙයි…

Next Post

විපක්ෂ නායකගේ පිරිවර උපදෙස් නොතකා පාවහන් සහිතව කෝවිල් ඇතුළට ගිහින්… කොවිල් භාරකාර පූජකවරු අප්‍රසාදය පල කරති…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.