මාරක සංකූලතා සහිත ආසාදිතයන් වාර්තා කරමින් කොවිඩ් පැතිරීම යළිත් වැඩි වෙලා…

රට බිහිසුණු අනතුරක් අභියස බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි....

covid

කොවිඩ් රෝග ලක්ෂණ  සහිතව රෝහල්ගත වන රෝගීන්ගේ සංඛ්‍යාවේ  වැඩිවීමක් දක්නට ලැබෙන බවත්  රෝහල් ගත වන පුද්ගලයින්ගෙන් වැඩි පිරිසකට ඔක්සිජන් අවශ්‍යව ඇති බැවින් මෙම තත්වය සුළුවෙන් සැලකිම කිසිවිටකත් නොකළ  යුතු බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි

අප දැන් මුහුණ දී සිටින්නේ ඉතා භයානක අවස්ථාවකට බවත් රෝගය පාලනය සඳහා ජනතාවගෙන් නිසි උපකාරය නොලැබුණහොත් සංචරණ සීමාවන් දැඩිකරන බවත් ලෝකයේ අන්රවල් වලත් මෙවැනිම පියවරයන් ගත් බවත් ඔහු පෙන්වාදේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනවශ්‍ය ගමන් බිමන් සඳහා නිවසින් බැහැරට නොයෑමටත් අත්‍යවශ්‍ය කටයුත්තක් සදහා නිවසින් බැහැරවන්නේ නම් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අකුරටම පිළිපැදිම අනිවාර්ය බවත් ඔහු අවධාරණය කරයි.


Exit mobile version