මාරක අනතුර කළ බීමත් ඩිෆෙන්ඩර් තරුණයා තරින්ද රත්වත්ත බව හෙළිවේ

මිය ගියේ සහ බරපතල තුවාල ලැබුවේ ජාතික රෝහලේ මුදල් කොල්ලය වැලැක් වූ බුද්ධි නිලධාරින් දෙපළයි

බීමතින් ඩිෆෙන්ඩර් රථයක් පදවා  පසුගිය 11 දා කොළඹ හැව්ලොක් ඉන්ධන පිරවුම්හල අසල  මාරක අනතුරක්  සිදුකර රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙක් මරණය ට පත් කරන ලද නීති ශිෂ්‍යයා දක්ෂ රගර් ක්‍රීඩකයෙක් ලෙස ප්‍රකට අශාන් තරින්ද කටුගහ රත්වත්ත බව පොලිසිය කියයි.

අනුරුද්ධ රත්වත්තේ පවුලේ මුණුබුරකු වන අශාන් තරින්ද කටුගහ රත්වත්ත අනතුර සිදුවන අවස්ථාවේ  බීමතින් යුතුව අධික වේගයෙන් ඩිෆෙන්ඩර් රථය පදවා තිබේ.

ජාතික රෝහලේ මුදල් කොල්ලයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම නිසා සමාජ කථිකාවට ලක්වූ  රාජ්‍ය බුද්ධි සේවයේ  සිතුම් දුලීක හේමාල්  නැමති 22 හැවිරිදි නිලධාරියා මේ අනතුරින් මිය යන්නේ සිය යතුරු පැදිය පදවමින් සිටියදී ය.  ඔහු සමග අනතුරට පත්ව දෙපා බිඳී සිටින අනෙක් නිලධාරියා ජාතික රොි්හලේ මුදල් කොල්ලය කොටු කරමින් සිතුම් දුලීක හේමාල් සමග මෙහෙයුමට එක් වූ අනෙක් නිලධාරියා බව වාර්තා වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකාර රත්වත්තේ ක්‍රීඩක තරුණයා 15 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 

Exit mobile version