බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මානව හිමිකම්  කඩකළ පුද්ගලයෙක් පොලිස්පති වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කණගාටුව පළ කරයි!

by editor
මාර්තු 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

 2010 දී පුද්ගලයෙකුට වධහිංසා පැමිණවීමේ සිද්ධියකට සම්බන්ධ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හෙළිදරව් කර තිබියදීත් නව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් ගේ පත්කිරීම පසුගිය සතියේදී තහවුරු කිරීම පිළිබඳව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්   වෝල්කර් ටර්ක් (Volker Türk) සිය කනස්සල්ල පළකර තිබේ.

මේ තත්ත්වය මත ආරක්ෂක අංශ තුළ වෙනස් කිරීමක් සිදුකළ යුතු බවටද ඔහු විසින්  කරුණු අවධාරණය කර ඇති බව බී.බී.සී පුවත් සේවය වාර්තා කරයි.

පසුගිය පෙබරවාරි 26 වැනිදා ජිනීවා නුවර දී  ආරම්භ වූ මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් යාවත්කාලීන කිරීම් සිදුකරමින් කළ දේශනයේ දී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

එමෙන්ම අතීත සහ වර්තමාන මානව හිමිකම් කඩවීම් සහ ආර්ථික අපරාධ විමර්ශනය කිරීමට හා නඩු පැවරීමට විශ්වාසනීය වගවීමේ ක්‍රියාවන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය.

2023 දී ප්‍රධාන වශයෙන් රටේ උතුරේ නැගෙනහිර පොලිසිය විසින් සිදු කළ බව කියනු ලබන ලිංගික ප්‍රචණ්ඩත්වය, පැහැරගැනීම්, නීතිවිරෝධී රඳවා තබා ගැනීම් සහ වධහිංසා පැමිණවීම් පිළිබඳව තමා දැඩි අවධානයෙන් පසුවන බව මහ කොමසාරිස්වරයා පවසා තිබේ.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

එකමුතුකම සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කොමිෂන් සභාවක් සඳහා රජය විසින් නීති කෙටුම්පතක් හඳුන්වා දුන්නද, විශ්වසනීය සත්‍ය සෙවීමේ ක්‍රියාවලියක් සඳහා පරිසරයක් නොපවතින බව ද  මහකොමසාරිස්වරයා අවධාරණය කර ඇත.

මාර්ග ගත සුරක්ෂිතතාවය පිළිබඳ පනත, සංශෝධිත ත්‍රස්ත විරෝධී කෙටුම්පත, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ සහ අධීක්ෂණ පනත කෙටුම්පත ඇතුළු නව පනත් මගින් මහජතාවගේ භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් සීමා කිරීමට රජය ප්‍රයත්න දරන අතරම මේ හරහා ආරක්ෂක අංශ වලට ඒවාට මැදිහත් වීමට මග සලසන බවටද මහ කොමසාරිස්වරයා අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

එම චෝදනවලට පිළිතුරු දුන්  ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හිමාලී අරුණතිලක මෑත අතීතයේ අභියෝග ජය ගැනීම සඳහා, රටේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සහ ආයතන සෑම විටම ස්ථාවරව පවතින බව සහතික කළ අතරම රටේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසන්ධාන අරමුණු සඳහා ප්‍රමුඛත්වය ලබා දුන් බව පෙන්වා දී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඒ වගේ විකිණිල්ලක්… ගැනුම් කරුවෙක් ආකර්ෂණය කරගන්න ශ්‍රී ලංකන් ණය බරින් සියයට 50ක් රජය දරා ගැනීමට තීරණය කරයි….

Next Post

ෆේස් බුක් සහ ඉන්සටග්‍රෑම් බිඳ වැටේ…  WhatsAppවලටත්  ගැටලුවක්!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.