සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාධ්‍යවේදිනියගේ සැමියා දෙහිවල නීතිඥවරියකගේ  මිදුලේ මරා දැමූවා ද?… දෙහිවල පොලිසියෙන් වහන්න ගිය කතාවක්… 

පළවෙනිදා අලුයම රටේ නීතිය අවලමේ යවන්න හැදූ දෙහිවල පොලිස් කුපාඩිකම හෙළි වූ හැටි....

by editor
ජනවාරි 3, 2025
in පුවත්
SRIYANI

02දා අළුයම 1.13ට පොලිිසය නීතිඥවරියගේ නිවසට පැමිණි අවස්ථාව... වැටී සිටි පුද්ගලයා දෙස බලා ඔවුන් ආපසු ගොස් තිබිණි....

Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි – 

සැක කටයුතු මරණයක් සිදුවී තිබිණි. බැලූ බැල්මට ඝාතනයකි. සිද්ධිය වාර්තා වන්නේ පෙරේදා (01) රාත්‍රියේ දෙහිවල පොලිසියට නුදුරුව පිහිටි නීතිඥවරියකගේ ගෙවත්තේය. මරණයට ලක් වන්නේ අහිසංක මනුස්සයෙකි. මේ මනුස්සයාගේ බිරිය රටේ බොහෝ දෙනෙක් දන්නා, නිහඬව ස්වකීය රාජකාරිය කරන මාධ්‍යවේදිනියකි. මරා දමා ඇත්තේ මාධ්‍යවේදිනියකගේ සැමියා බව නොදැන මේ අපරාධයට සැක කරන බලවත් පාර්ශවය මෙන්ම දෙහිවල පොලිසියේ කුප්ප කුපාඩි හැසිරීමත්,  මිය ගොස් ඇත්තේ කවරෙකුගේ කවුද යන්න දැනගත් පසු දෙහිවල පොලිසිය මේ වනවිට හැසිරෙන විනීති ආකාරයත් සම්බන්ධව මේ සටහන තබන්නේ ක්ලීන් විය යුත්තේ කොතැන ද යන්න ජනාධිපතිවරයාටත් දැන ගැනීම සඳහාය.

සාමාන්‍ය මිනිසෙකුට සිදුවුනා නම් අහඹු මරණයක් වීමේ අතිශයින් ඉඩකඩක් තිබුණු මේ සැක සහිත ඝාතන සිද්ධිය නීතියේ විධානය සහ ආධිපත්‍ය සම්බන්ධව කටයුතු කරන රජයක් විමසා බැලිය යුත්තේ නීතිය ක්‍රියාත්මක කරන සාම නිලධාරීන් සාමාන්‍ය මිනිස් ජීවිතවලට තියන ලන්සුව ගැන තේරුම් ගැනීමටය. මේ මොන කුපාඩි පොලිසියක් ද, මේ රටේ අප වැනි බලය නැති මිනිසුන් පොල්කුඩු ලෙස සලකන මේ සාම නිලධාරින් මොක්කුද යන්න පිළිබඳව සමාලෝචනයක් කිරීමට මේ සිද්ධිය පාදක කර ගන්නා ලෙස මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාලගෙන් මෙසේ ලියා ඉල්ලමු.

සිද්ධිය වාර්තා වීම

ජනවාරි පළමුවෙනිදා රාත්‍රි 11ට පමණ දෙහිවල පොලිසියට නුදුරින් පිහිටි නීතිඥවරිකයගේ නිවසක් අසල මහ පාරේ ත්‍රී රෝද රථයක් ඇති බව පොලිසියට තොරතුරක් ලැබෙන්නේය. මේ නීතිඥවරියගේ සැමියා හිටපු ගුවන් හමුදාවේ නිලධාරියෙකි.
පොලිසිය එම ස්ථානයට ගොස් ත්‍රී විල් රථය දෙහිවල පොලිසියට රැගෙන එන්නේය. ත්‍රී රෝද රථය තිබුණු තැන අවට සෝදිසියක් නැත. ත්‍රී රෝද රථයේ ජංගම දුරකථනයක් තිබිණි. එම දුරකථනයේ අවසන් අංකයට හෝ අමතා මේ රථයේ හිමිකාරිත්වය සම්බන්ධව තහවුරු කරගැනීමක් කරන්නේ නැත. කඩේ වහන්යේ.

ඉන් අනතුරුව අළුයම 1ට පමණ ත්‍රී රෝද රථය තිබුණු තැන අසල නීතිඥවරියකගේ නිවසින් 119 අංකයට දුරකථන ඇමතුමක් ලැබෙන්නේය. ඒ තම නිවස ඉදිරිපිට මිදුලේ පුද්ගලයෙක් වැටී සිටින බවටය. පොලිසිය එම ස්ථානයට යන්නේය. පුද්ගලයා සම්බන්දව කිසිම විමසීමක් කරන්නේ නැත. ඔහු වැටී සටින්නේ කුමණ හේතුවක් නිසා ද ඔහුගේ සිරුරෙන් ලේ බේරෙමින් ඇත්තේ ඇයි දැයි විමසන්නේ නැත. පොලිස් ජිප් රථයේ පටවාගෙන රෝහලකට ගෙන යා නොහැකි නම් 1919 ගිලන් රථ සේවයට අමතා රෝහල වෙත රැගෙන යෑමට කටයුතු කරන්නේත් නැත. කුමක් හෝ හේතුමක් මත එම ස්ථානයෙන් පිටව යන්නේය.

අනතුරුව අළුයම 5 ට පමණ නීතිඥවරියගේ නිවසින් දුරකථන ඇමතුමක් නැවත දෙහිවල පොලිසියට ලැබෙන්නේය. සිහි සුන්ව සිටි පුද්ගලයා පොලිසිය මැදිහත් වී රෝහල්ගත කරන්නේ ඊයේ උදේ 7ට පමණය.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

කළුබෝවිල රෝහලට ඇතුළත් කරන මෙම පුද්ගලයා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේත් ඉන්නේ අර්ධ වශයෙන් මිය ගිය පුද්ගලයෙක් ලෙසිනි. දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරන ඔහු ජීවත් කළ නොහැකි බව ඊයේම රෝහල විසින් සනාථ කර තිබුනේය. අද (03) අළුයම ඔහුට සවිකළ යන්ත්‍ර ගැලෙව්වේය. ඒ පුද්ගලයා අළුයම මිය ගියේය.

දෙහිවල පොලිසියේ හැසිරීම 

මේ වනවිට පොලිසිය සහ සිද්ධියට සැක කරන නීතිඥ බිරියත් ඔහුගේ හිටපු ගුවන් හමුදා සැමියාත් එක්ව මෙය සාමාන්‍ය සිදුවීමක් ලෙස කරුණු ගොනුකර වසා දමන්නට සූදානම් වී සිටි ආකාරය සිද්ධියට මැදිහත් වූ අපි දුටුවෙමු. පුද්ගලයා වැටී සිටි ස්ථානයට මුලින්ම ගිය පොලිස් නිලධාරියා මරණකරුගේ ඥාතීන්ට පවසා තිබුනේ කොන්ක්‍රීට් ගැටිවල හිස වැදීමෙන් මිනිසුන් මිය යන බවය.

නීතිඥවරියගේ නිවසේ සීසීටීවී වැඩ කරන්නේ නැති නිසා උනේ මොකක්දැයි හොයා ගන්නට බැරි බව කීවේය. අවට පිටේ සීසීටීවී නැති බවත් දෙහිවල ක්‍රයිම් ඕඅයිසි කියනු ඇසිනි.

වත්තක වැටී පැය හතක් තිස්සේ සිහි සුන්ව සිටි මිනිසෙක් රෝහල් ගත කර පැමිණි පොලිසිය අදාල පුද්ගලයා අතිශය අසාධ්‍යව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමිනි සිටින බව පවසද්දීත් ඊයේ (2) දිනය තුළ කිසිම පුද්ගලයෙකුගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කරගෙන තිබුණේ නැත.

ඇඟපත නිල් වනතුරු පහර දී තිබීම, පැය ගණනක් ලේ වහනය වන්නට හැර ගෙවත්ත තුළ මිය යන්නට හැරීම, ඇතුළු සැක කටයුතු සිද්ධි ගණනාවක් තිබිය දී පොලිසිය මේ මරණය සැක කටයුතු එකක් බවට පැමිණිල්ල සටහන් කරගැනීමටත් මැලි වු පසුබිමක් තිබිණි.

මරා දැමුවේ කවුදැයි දැනගත් පසු

එහෙත් සැක කටයුතු ලෙස මරා දමා ඇත්තේ රටේ ප්‍රකට මාධ්‍යවේදිනියකගේ සැමියා බව දැනගත් විට දැන් පොලිසිය හැසිරෙන ආකාරය වෙනස්ය. ඇය සිය සැමියාගේ ඛේදනීය මරණය සාමාන්‍ය සිවිල් වැසියෙක් ලෙස බේරා ගන්නට ගිය අවස්ථාවේ දී ඇයට සිදුවන්නට ගිය බිහිසුණු අසාධාරණය ඇයගේ සිවිල් තත්ත්වය දැනගත් පසු වෙනස් වී තිබේ.

මේ වනවිට සිද්ධිය සම්බන්ධව විශේෂ විමර්ශනයක් අරඹා ඇත. මරණය සැක කටයුතු බවට වූ පැමිණිල්ල මත අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. සියලුම දත්ත මත පදනම්ව නිශ්ඡිත විමර්ශනය සිදුවූයේ කුමක් දැයි හෙළි කරනු ඇත.  එහෙත් දැන් ඒ මනුස්සයා මිය ගොස්ය. පොලිසියත් දැනුම්වත්ව, නීතිඥවරියක සහ ගුවන් හමුදා නිලධාරියෙක් දැනුම්වත්ව මේ

අප මේ ආණ්ඩුවෙන් ප්‍රාර්ථනා කළ සැබෑ වෙනස තමන්ගේ සිවිල් තත්ත්වය මත නොව, සාමාන්‍ය පුරවැසියෙක් ලෙස මේ රටේ ජීවත් වීමේ සහ නීතිය හමුවේ සමාන අවස්ථා ලබා ගැනීමේ අයිතිය ය. එය නොලැබෙනවා නම් මයික් ඉදිරිපිට පැමිණ දොඩවන මොනම කුණුහරපයකින්වත් වැඩක් නැත.

ඝාතනය වු බවට සැක කරන ඒ හේමජීව (60) යනු මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව විශාල ධනාත්මක විවේචනයක් සහිතව මේ රටේ මනුෂ්‍යයින්ගේ යහ පැවැත්ම වෙනුවෙන් සිය පෑන මෙහෙයවමින් දශක ගණනක් නිහඬ සේවයක් කරන ශ්‍රියානි විජේසිංහ ගේ සැමියාය.

කිසිම දේශපාලකයෙකුගේ හෝ ආර්ථික ලාභ අපේක්ෂිතව දූෂිතයන්ගේ සරණ නොගිය, ඒ නිසාම ඉතාම අසීරු ජීවිතයක් ගෙවමින් ප්‍රතිපත්ති ගරුක මාධ්‍යකරණයක යෙදෙන විරල මධ්‍යවේදිනියකවන ශ්‍රියානිගේ නිවුන් දැරියන්ගෙන් අයෙක් වෛද්‍ය පීඨයේය. අනෙක් දියණිය ඉංජිනේරු පීඨයේය.

එදිනෙදා කීයක් හෝ උපයමින් මේ පවුල ආයාසයෙන් ගොඩගත් ඒ පියා අද ඝාතනය වී ඇත. එම ඝාතනය යට ගැසීමට දෙහිවල පොලිසිය කළ නින්දිත උත්සාහක් අප හෙළි කරන්නේ ඇය කවරෙක්දැයි බුද්ධි අංශ විසින් වාර්තා කර විශේෂ විමර්ශනයක් ආරම්භ නොකරන්නට සියල්ල යට යන බැවිනි.

මේ ආණ්ඩුවට කියන්නේ ඔබව ඔය පුටුවේ තැබූ ඒ වෙනුවෙන් නිහඬව කැපවූ මේ රටේ අසරණ සිවිල් මිනිසුන්ගේ ඉරණම ශ්‍රියානිගේ සැමියාගේ මරණයෙන් ඔබට පෙන්වා දෙන බවය. මිනිස්සුන්ගේ ජීවිතයට දැනෙන්නේ බඩගින්න විතරක් නොවේ. එදිනෙදා ජිවිතයේ ආරක්ෂිත ගෞරවණිය හැසිරිම උදුරාගෙන බඩ කට පුරවා සමාජයක් එක දශමයක් වෙනස් කරන්නට නොහැකිය.

හාල් පොල් ටික ගෙන්වා ගනිමු. මුලින්ම මේ කුප්ප කුපාඩි පොලිසිය හදලා දෙන්න. අප ඔබට ඡන්දය දුන්නේ පාතාලය ගෙදරට ඇවිත් මිනි මරණ විට එය ප්‍රතිවිප්ලව වාදීන්ගේ කුමන්ත්‍රණයක් යැයි කියන දේශපාලන ගොබ්බකතා අසන්නට නොවේ

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොට්ටහච්චිට කුපාඩි මඩක් ගැසූ පොදු පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත් අඩංගුවට…

Next Post

එජාප මහලේකම් ධූරයට තළතා පත් වෙයි… රංගේ ඉවතට…

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.