සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ මෝල්ලු වී කිලෝ එක ගන්නේ රුපියල් 90ට… පොළොන්නරුවේ රජයේ වී ගබාඩා වහලා… ගොවී සංවිධාන….

by editor
ජූලි 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  – 

  •  වී ගබඩා 04ක් ඇරලා… තවත් 16ක් විවෘත කරනවා… විවෘත කළ ගබඩාවලට  ගොවීන් වී ඇටයක්වත් දීලා නෑ… වී අලෙවි මණ්ඩලය

මෙවර යල කන්නයේ පොළොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයේ බොහෝ ප්‍රදේශවල වී අස්වනු නෙලීම් කටයුතු ආරම්භ කල ද රජය මෙතෙක් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකිරීම නිසා, පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමිකරුවන් තමන්ගේ වී කිලෝවක් රුපියල් 90 ක් වැනි අඩු මිලකට මිලදී ගැනීමේ කූට ව්‍යාපාරය ආරම්භ කර ඇති බව මහවැලි බි කළාපයේ ගොවීහු පවසති.

මේ වනවිට පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමිකරුවන් අමුවෙන් නාඩු වී කිලෝවක් රුපියල් අනුවකට සහ වේලපු වී කිලෝවක් රුපියල් 120 ක් වැනි මිලකට ලබා ගනිමින් පවතින අතර සම්බා වී මිලද ඊට සාපේක්ෂව පහල බැස ඇති බව ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීන්  පවසයි.

රජය අමු වී කිලෝවක් සඳහා රුපියල් 102 ක මිලක් නියම කළද මේ වනවිට මහවැලි බි කලාපයේ වී අලෙවි මණ්ඩලයට අයත් සියලු වී ගබඩා වසා ඇති අතර කිසිදු ස්ථානයක ගොවීන්ගේ වී මිලදී ගැනීමක් සිදු නොවන බවද ගොවීහු චෝදනා කරති.

මේ වනවිට මහවැලි බි කලාපයේ අක්කර දෙකහමාරක කුඹුරක් අස්වනු නෙලීම් කටයුතු සඳහා භූතයා, සුනාමි, යන්ත්‍රයන්ත්‍ර හිමිකරුවන් රුපියල් 40,000 ක් වැනි මුදලක් අයකර ගන්නා බවත්, මෙවරත් යල කන්නේ වී වගාව සඳහා පොහොර මිලද විශාල වශයෙන් ඉහළ ගොස් තිබු පසුබිමක තමන්ගේ වී අස්වනු සාධාරණ මිලකට ලබාගැනීම සඳහා රජයේ වී ගබඩා කඩිනමින් විවෘත කර දෙන්න ලෙසත් මහවැලි බි කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීන් ඉල්ලා සිටියි.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

පෙර ආණ්ඩු සේම වර්තමාන ආණ්ඩුව ද සුපුරුදු පරිදි පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමිකරුවන්ට සහ සහල්   මෝල් ව්‍යාපාරිකයන්ට තමන්ගේ වී තුට්ටු දෙකට මිලට ගැනීමට ඉඩ දී ඇති බව ගොවීන්ගේ චෝදනාවයි. වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළේදි,හා පොහොර සහනාධාර මුදල් බැංකු ගත කිරීමේදී සෑම රජයක්ම තමන් පීඩනයට පත්කර, අසාධාරණකම් සිදුකරන බවද ගොවීහු චෝදනා කරති.

මෙවර යල කන්නයේ පොළොන්නරුවේ වී මිලදී ගැනීම වැඩපිළිවෙල පිළිබඳ වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික් කළමනාකාර නිමල් ඒකනායකගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී ගබඩා විස්සක් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවත්, වැලිකන්ද, මනම්පිටිය, මැදිරිගිරිය, දියබෙදුම,ප්‍රදේශවල මේ වනවිට   ගබඩා හතරක් විවෘත කර තිබෙන බවත්ය.

ගොවීන්ගේ වී මිලදී ගැනීමට ඕනෑම අවස්ථාවක සූදානම් වී සිටින නමුත් මෙතෙක් වී ඇටයක්වත් විවෘත කරන ලද පොළොන්නරුවේ ගබඩාවලට නොලැබුණු බව ඔහු පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශ්වවිද්‍යාලයේ මහල් ගොඩනැගිල්ලකින් වැටී ආරක්ෂක නිලධාරියෙක් මරුට…

Next Post

කෙහෙල්බද්දර පද්මේට ඇන්ද SDIG ප්‍රියන්ත ජයකොඩි 06 දා තෙක් රිමාන්ඩ්…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.