ඊයේ (04) පාකිස්තානයට එරෙහිව පැවති සුපිරි 4 තරගයේදී මස්පිඬු ආබාධයක් ඇතිවීම හේතුවෙන් දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණට ඉන්දියාවට එරෙහිව ඉරිදා පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් මහා තරගය අහිමි විය හැකි බව වාර්තා වේ.
මේ අබාධයට ලක්වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ සිව්වන පන්දු යවන්නාය.
ඊයේ තරගයේ දී තීක්ෂණ හතරේ සීමාව අසලදී පන්දුවක් රැක ගැනීමට ගොස් ආබාධයකට ලක් වූයේය. පෙනී ගියේ ඔහු දුර්වලව වේදනාවෙන් සිටින බවය.
ශ්‍රී ලංකා ක්‍රිකට් පැවසුවේ ඔහුගේ තත්ත්වය සම්පූර්ණයෙන් තක්සේරු කිරීම සඳහා ක්‍රීඩකයාගේ ස්කෑන් පරීක්ෂණයක් අද සිදුකරන බව වාර්තා වේ.







