බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහින්ද මහත්තයගේ ගෙවල් ගැන දන්නෙත් නෑ… කිසිම ආණ්ඩුවකින් ඉදිකට්ටක දෙයක් අරගෙනත් නෑ… වැරදි ප්‍රචාර යවන්න එපා… කිරිවෙහෙර නා හිමියෝ කියති!

by editor
මාර්තු 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

  • අපවත් වුණු නා හිමියන් එක්ක සම්බන්ධයක් තිබ්බද කියලා බලන්න… මහින්ද රාජපක්ෂක වෙනුවෙන් කතරගම නිවසක් ඉදිකිරිම සම්බන්ධයෙන් මා කිසිවක් දන්නේ නෑ…

  • මේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා විවිධ බොරු ප්‍රචාර සමාජගත කිරිම ගැන දැඩි ලෙස කණගාටුවෙනවා. මොකද මා දේශපාලන බැඳීම් නැති ශාසන භාරධාරී හිමිනමක් නිසා…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කතරගම නිවසක් ඉදිකිරිම සම්බන්ධයෙන් කිරිවෙහෙර විහාරාධිපති හිමි ලෙස තමන්ගේ කිසිම සම්බන්ධතාවයක් නොමැති බවත්, ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවත් පවසන කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු පංච මහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවෙ ප්‍රධාන සංඝනායක අතිපුජ්‍ය කොබවක ධම්මින්ද නා හිමියෝ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවට සමාජ මාධ්‍ය හරහා විවිධ බොරු ප්‍රචාර සමාජගත කිරිම පිළිබඳව දැඩි ලෙස කණගාටුවන බව ප්‍රකාශ කරති.

උන්වහන්සේ අද (12) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පිළිබදව කරුණු පැහැදිළි කරනු ලැබුහ. එහිදි උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ ද පැවසුහ.

“මුලින්ම කියන්න ඕනේ මේ සිද්ධියට මගේ කිසිම සම්බන්ධයක් නෑ කියලා. මෙම ඉදිකිරිම සිදුකරලා තියෙන්නේ අපවත් වි වදාළ මාගේ ගුරුදේව නා හිමියන්ගේ කාල වකවානුවේදීයි.

මම විහාරාධිපති හිමි ලෙස පත් වුණාට පසුව මේ ඉදිකිරිම ගැන හෝ මේ ගැන කිසිවක් දැන හිටියේ නෑ. අපේ අපවත් වුණු නායක හාමුදුරුවන්ගේ කාලයේදී එහෙම කිසියම් සම්බන්ධතාවයක් තිබුණද නැද්ද කියා කියන්න මන් දන්නේ නෑ. මම කිරිවෙහෙර විහාරාධිපති හිමියන් ‍ලෙස පත් වෙලා එන්නේ 2013 වසරේදීයි. මට කරුණු දැනගන්න ලැබුණු විදියට මේ ඉදිකිරිම සිදුකරලා තියෙනවා කියන්නෙ 2006 වසරේදීයි. ඉතින් ඒ නිසා මගේ කිසි සම්බන්ධයක් නැති මේ ඉදිකිරිම පිළිබඳව මට කිසිම වගකිමක් ගන්න බෑ. ඒක මම විමර්ෂන නිළධාරීන්ටත් පැහැදිළිවම කිව්වා.

මොකද මීට පෙරත් අවස්ථා දෙකකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කිරිවෙහෙරට ඇවිත් ප්‍රකාශ සටහන් කරගෙන ගියා. තුන්වෙනි වතාවට තමයි 13 වෙනිදත් මාව කොළඹට කැඳවලා තිබුණේ. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් මගෙන් පැය හතරක් පහක් විතර කරුණු විමසුවා .මම එහිදී සියළුම කරුණු නිළධාරීන්ට පැහැදිලි කළා. මෙම ඉදිකරපු ගෙදර යතුරු වගයක් අපිට ගෙනත් බාර දිලා තිබුණා. අපි ඒවා පවා ඒ අයටම බාර දීලා තියෙන්නේ. ඒ අනුව ඒ නිවස හෝ නිවස ඉදිකිරිම පිළිබදව හෝ එහි සිටින පිරිස් සමග හෝ අපේ කිසි සම්බන්ධතාවයක් වර්තමානයේ නෑ.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

අනික කතරගම රාජපක්ෂ මහත්තයා ගෙයක් හදපු එක ගැන හෝ ඒ පිළිබඳව මට කිසිදු ප්‍රකාශයක් කරන්න බෑ. මම කිරිවෙහෙර පන්සලේ විහාරාධිපති හිමි විතරයි. මට තීන්දු කරන්න බෑ මහන්ද රාජපක්ෂ මහත්තයට කතරගම ගෙයක් හදන්න පුළුවන්ද බැරිද කියලා. ඒ නිසා එ් ගේ ගැන අහන්න වෙන්නේ රාජපක්ෂ මහත්තයාගෙන්ම තමයි. අනික මමත් හරිම කැමතියි මෙතනට කැඳවලා මෙහෙමෙ ප්‍රශ්න කරපු එකට. එහෙම නැති වුණාම එක එක්කෙනා විවිධ දේ අනුමාන කරලා විවිධ මඩ ප්‍රචාර සමාජ ගත කරනවා. ඒ නිවැරදි දේ සමාජ ගත කරන්න පුළුවන් මෙහෙම වුණාම.

මට තියෙන කණගාටුව තමයි මෙම සිදුවීම පාදක කරගෙන සමාජ මාධ්‍ය හරහා කිරිවෙහෙරට හා පුද්ගලිකව මා පිලිබඳවත් වැරදි පුවත් ප්‍රචාරය කර තිබීම ගැන. අඩුම තරමින් මගෙන් විමසිමක්වත් කරන්න තිබුණා. එහෙම කිසිම විමසිමක් නොමැතිව හිතුමතේ මෙහෙම වැරදි ප්‍රචාර සිදුකිරිම ගැන මම කණගාටුවෙනවා.

මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ මේ රටේ හිටපු රාජ්‍ය නායකයෙක්. ඉතින් එතුමා මේ විහාරස්ථානයට ආගමික කටයුතු වෙනුවෙන් ඕනි තරම් ඇවිත් තියෙනවා. මම විහාරාධිපති හිමි හැටියට ඒ සඳහා සහභාගී වෙන එක සාමාන්‍ය දෙයක්.

මා බොහොම වගකීමෙන් කියනවා මේ වෙනකම් පැවති ආණ්ඩුවලින් හෝ වත්මන් ආණ්ඩුවෙන්වත් ඉදිකට්ටක දෙයක් මේ වෙනකම් මම අරගෙන නෑ. මම වාහන පර්මිට් අරගෙනත් නෑ. ඉඩම් අක්කර ගනන් මම අරගෙනත් නෑ .ඉදිරියටත් එහෙම ගන්න මගේ බලාපොරොත්තුවකුත් නෑ. ඉදිරිකාලය තුළදීත් එහෙම ගන්න නොලැබේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා.

මම එදා ඉදන්ම පැවති සියළුම රජයන්වලට කිව්වේ කතරගමට ආවොත් ඇවිත් කිරිවෙහෙර වැදපුදාගෙන යන්න කියලා විතයි. රජයෙන් කියා යමක් කරනවා නම් පුද්ගලිකව මට කිසිවක් එපා. සමස්ත කතරගම වෙනුවෙන් කරන දෙයක් කරන්න කියලා විතරයි මා ඉල්ලලා තියෙන්නේ. ඒ නිසා රටේ බොහෝ දෙනෙකු අතර ඉතා පැහැදිමක් තියෙන කිරිවෙහෙර පිළිබදව වැරදි මත සමාජ ගත නොකරන ලෙසට මා ඉල්ලනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අමතක වූ පොරොන්දු මතක් කරන්නට උතුරෙන් ජනපතිට අත්සන් ලක්ෂයක පෙත්සමක්!

Next Post

අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කළ පාදඩයා ගල්නෑවේ දී අත් අඩංගුවට…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.