සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වී ලබන 29 වැනිදා ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය බාරගැනීම සඳහා පිටත්ව යන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ ජනාධිපති, අගමැති කාර්යාලය ඇතුළු ආයතන 25 ක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිධූරය බාර ගන්නැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමාගෙන් ඉල්ලීමක් කළ බවත් තමා එම ඉල්ලීම බාරගත් බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඇමරිකාව සමග සුහදත්වයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බවත් තමා ඉවත් වන්නේ මේ පාර්ලිමේන්තුවට එක දිගට වසර විසි හතක් සේවය කර බවද වසර තිස් තුනක සිය දේශපාලන දිවිය තුළ ඇමැතිවරයකු ලෙසද කාලයක් කටයුතු කළ බව ඔහු කීවේය.
තමා පාර්ලිමේන්තුවට පත්කළ කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට ස්තූතිවන්ත වන බවද සඳහන් කළේය
තමා දේශපාලනයෙන් කිසිවිටෙකත් ඉවත් නොවන බවත් මවුබිමට යළි පැමිණ දේශපාලනය කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම පැවසුවේය.