අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහින්ද ප්‍රසිද්ධ ප්‍රකාශක් කර  දරු පවුලත් සමගම දේශපාලනයෙන් සමුගත යුතුයි –  චම්පික රණවක

අගමැතිවරයාටත් ඉවත් වෙන්න කාලය හරි... ජනතා අරගලයක් ඇති බව ඩීල්කාරයන් දැනගත යුතුයි.

by editor
ජූලි 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දුෂිත හා ජන පීඩක ආණ්ඩුවකට එරෙහිව මහජන නැගී සිටීම හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හෙට (13) දින සිය ධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා අරගලකරුවන් අවස්ථාව දී ඇති බැවින්, එවැනි අවස්ථාවක් ලබාදී තිබියදීත් තවදුරටත් දේශපාලන කුමන්ත්‍රණ සිදුකිරීමට නොයා සාමකාමීව ඉල්ලා අස්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක  පවසයි.

එමෙන්ම රාජපක්ෂ පවුල් ගස නිර්මාණය කළ මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියේ ජනතාවට ප්‍රකාශයක් කොට දේශපාලනයෙන් ඉවත්විය යුතු බවටද ඔහු අවධාරණය කරයි.

පාඨලී චම්පික රණවක  මේ බව පවසා සිටියේ හෙට දින ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් අනතුරුව අරගලකරුවන්ගේ ඉල්ලීම් හමුවේ රටේ ඉදිරි දේශපාලන ස්ථාවරත්වය ගොඩනගන ආකාරය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක  මෙසේ ද පැවසීය.

“හෙට ඔහු ඉල්ලා අස්වුනොත් විසි වෙනිදට පාර්ලිමේන්තුවේ රහසිගත ඡන්දයක් පැවැත්වෙනවා.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“දැනට පක්ෂ අතර අදහස් කිහිපයක් ඇති වෙලා තියෙනවා ඊළඟ ආණ්ඩුව ගැන. එක කණ්ඩායමක් කියන්නේ ඊළඟ මාස කිහිපයකට රට පාලනය කරලා, රට ස්ථාවර කරවලා, මහ මැතිවරණයකට යා යුතුයි කියන එක. ඒ වගේම මැතිවරණයකට ගිහිල්ලා ඒකට වාසි ලබාගන්න බැරි පුද්ගලයන් දෙදෙනෙක් ජනාධිපති හා අගමැති විය යුතුයි කියන එක. “

“තව මතයකින් කියවෙන්නේ, ප්‍රධාන දේශපාලන පක්ෂ ඒ කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක පැත්තකින් හා සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂයේ බලවේගය හැටියට තව පැත්තකින්   ඒ දෙකේ අපේක්ෂකයෝ ඉදිරිපත් කිරීමේ උත්සාහයක් තියෙනවා.“

“ඉතින් දැනටමත් සජිත් ප්‍රේමදාස මහත්තයා තමන්ගේ අභිලාෂය කියලා තියෙනවා. ඩලස් අලහප්පෙරුම මහත්තයත් තාම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ නැති වුණාට ඒ වගේ අභිලාෂයක් තියෙන බව අපිට පෙනිලා තියෙනවා. ඉතින් ඒ අනුව ඇතැම්විට රහසිගත නිලවරණයක් විසි වෙනිදා පැවැත්වෙන්න පුළුවන්. “

“ඊළඟට විධිමත් ආකාරයට මේකේ යම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටවලා මේ අයහපත් තත්වය වෙනස් කිරීම සඳහා පියවර ගැනීම තමයි ඊළඟට තියෙන ප්‍රබල අභියෝගය. ඉතින් මම හිතනවා සියලු පාර්ලිමේන්තු පක්ෂ ඒකට එකතු විය යුතුයි. අපේ බලාපොරොත්තුවත් විසි වෙනිදා වෙනකොට එකඟතාවයක් මත මේ ජනාධිපති, අගමැති පත් කරලා ස්ථාවර පාලනයක් ඇති කරලා, අන්තර් කාලීන වැඩපිළිවෙලකින් පස්සේ, මහ මැතිවරණයකින් ජනතාවට අවස්ථාව ලබා දීම.“

“ඒක, අරගල භූමියේ ඉන්න අයට කරන විශාල සේවයක් රාජපක්ෂවරු පලවා හරින්න.  ඇත්තටම විපක්ෂය, දේශපාලන පක්ෂවලට කරන්න බැරි වෙච්ච දෙයක් මේ රටේ මහජනතාව කළා. ඉතින් ඒ ජනතාව අතරේ ඉන්න අයට හිතෙනවා නම්, මේ 225 ම එපා දේශපාලන පක්ෂ එපා කියලා. ඒ එළඹෙන මහ මැතිවරණයේදී ජනතා කැමැත්ත උරගා බලලා, ඒගොල්ලෝ හිතන, සුදුසුයි කියලා හිතන ආකාරයට, රට පාලනය භාර ගැනීම තමයි සිදුකළ යුත්තේ.“

“අගමැතිතුමාට මං හිතන්නේ දැන් තීරණයක් ගැනීමට කාලය ඇවිල්ලා තියෙනවා. පාර්ලිමේන්තුවෙත් සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩකඩ ලබා දීලා එතුමා ඉවත් වීම තමයි සිදුවිය යුත්තේ. ඒක ක්‍රියාවට නංවයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.“

“දැන් ජනතාව කියනවා ආයෙමත් මේ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු මන්ත්‍රීලා කියනවලු ව්‍යවස්ථාවේ 31 වෙනි වගන්තිය යටතේ එතුමාට ඉන්න පුළුවන් කියලා. කවුරුවත් කියන්නේ ව්‍යවස්ථාවේ එහෙම එකක් නෑ කියලා. ව්‍යවස්ථාවේ හැටියට එතුමාට ඉල්ලා අස්වෙන්න පුළුවන්. එයාගේ පත්වීම් බලධරයා ජනාධිපතිතුමා. ජනාධිපතිතුමාට ලිපියක් යවලා ඉල්ලා අස්වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ බහුතරය කැමති නැත්නම් අග්‍රාමාත්‍යවරයා ධූරයේ ඉන්න බැහැ.“

“එතකොට අගමැති තනතුර ඉල්ලා අස්වුනාම ආණ්ඩුව විසිරෙනවා. අමාත්‍ය ධූර විසිරෙනවා. කොහොමත් අමාත්‍ය මණ්ඩලයේ පිරිසක් රැස්වෙලා කියලා තියෙනවා නම් ඒගොල්ලෝ ඉවත් වෙන්න සූදානම් කියලා. ඒ අනුව හැමෝම වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතුයි. වෙලා තියෙන විනාශයන් හොඳටම ඇති. එහෙම නැති වුණොත් තවත් තව අරගල එයි. “

“රාජපක්ෂවරු හෙට සමුගත්තේ නැත්නම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පිරිසට අරගලයේ තවත් මුවහත් වෙලා ඉදිරියට යයි. ඒ වගේම තවත් ලේ වැගිරීම් වලට පාර කපයි. ඒක නිසා මහින්ද රාජපක්ෂ මහත්තයා සිය දරු පවුලත් එක්කම මේ ගැන තීරණයක් අරගෙන දේශපාලනයෙන් ඉවත් වෙලා ඒ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමට කටයුතු කිරීම තමයි කළ යුත්තේ.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපතිවරයාට, ඇමරිකාව වීසා ලබාදීම ප්‍රතික්ෂේප කළා ද?

Next Post

රටේ විධායක ජනපති රටින් යන්න ආවොත් ඔහුව වලක්වන්න අපට නීත්‍යානුකූල බලයක් නෑ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.