හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි අත් අඩංගුවට ගෙන තිබේ.
ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසිනි.
එම කොමිසම වත්කම් විමර්ශනයට අදාලව සහාය නොදැක්වීමේ චෝදනාව මත නෙවිල් වන්නිආරච්චි අත් අඩංගුවට ගෙන ඇත.
ප්‍රශ්නකාරී ලෙස අති විශාල අතාර්කික වත්කම් ප්‍රමාණයක් උපයාගෙන ඇති නෙවිල් වන්නිආරච්චි 2024 දෙසැම්බර් 27 වැනිදා මුල් වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබිණි. ඔහු එදින පෙනී සිටින්නේත් ඉන් පෙර අවස්ථා දෙකකදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින්නැයි, කළ නියෝග මගහැරීමෙන් පසුය.







