මහා ගංවතුර තත්ත්වයක් සම්බන්ධව වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
මේ වනවිට දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 08 අඩි 04 බැගින් විවෘත කිරීම නිසා තත්පරයට ඝන අඩි 22800ක් නිකුත් කරන බවත් ඉදිරියට බොහෝ දුරට එය ඝන අඩි 23000 ට වඩා ජල ධාරිතාවක් විය හැකි බවත් දැදුරු ඔය ජලාශයේ වාරිමාර්ග ඉංජිනේරුවරයා ප්‍රකාශ කර සිටී .
මේ තත්ත්වය මත පහළ ප්‍රදේශයේ මාර්ගය අවහිර වීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් රිය ධාවනය කරන ලෙස රියදුරන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත.
තවද මා ඔයට ද දැඩි ගංවතුර අවදානම් තත්වයක් ඇති වී තිබෙන බවත් කොළඹ 05 කුරුණෑගල මාර්ගයේ ද ගමනාගමන බධා ඇතිවිය හැකි හැකි බැවින් විමසිලිමත් ව කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදන කර ඇත.