අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහාචාර්ය නිලීකා මලවිගේ එන්නත් කමිටුවෙන් අස්වුණේ චීන සිනෝවැක් නිසාද?

by editor
ජූනි 29, 2021
in පුවත්, සෞඛ්‍යය
Nilika-Malavige
Share on FacebookShare on Twitter

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කොවිඩ් වසංගතයට එරෙහිව ලබා දෙන එන්නත් පිළිබඳව ඇගයීම් සිදු කොට ඒවා අනුමත කරන විශේෂඥ කමිටුවේ ආරම්භක සාමාජිකාවක ව සිටි ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ප්‍රතිශක්තිවේදය පිළිබඳ මහාචාර්ය නිලීකා මලවිගේ හදිසියේ එම කමිටුවෙන් ඉල්ලා අස්වීම පසුපස ශ්‍රි ලංකාවේ භාවිතය සඳහා අනුමත කිරීමට ඉදිරිපත් කොට ඇති චීනයේ නිෂ්පාදිත සිනෝවැක් (Sinovac) එන්නත බලපෑවේද යන්න පිළිබඳව විද්වත්තු මත පළ කරති.

ඇය මේ පිළිබඳව නිශ්චිත හේතුවක් ප්‍රකාශ කොට නොතිබුණද මෙම සිනොවැක් එන්නත අනුමත කර ගැනීමේ ක්‍රියාවලිය සඳහා ඇය ඇතුළු විශේෂඥ කමිටුවට එම එන්නත පිළිබඳ විද්‍යාත්මක දත්ත සහ වාර්තා ලබා දී ඇති පසුබිමක් තුළ ඇය එය අනුමත කිරීමෙන් තොරව ඉල්ලා අස්වීමට තීරණය කිරීම මෙම මතයට හේතු වී තිබේ.

චීන බලපෑම

සිනෝවැක් එන්නත කොවිඩ් වෛරසයේ දැනට ලොව පුරා ඉතා වේගයෙන් පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදය වැනි නව කොවිඩ් වෛරස ප්‍රභේදවලට එරෙහිව දක්වන සාර්ථකත්වය පිළිබඳව දත්ත නොමැති වීම යන පසුබිම තුළ එය අනුමත කිරීමේ ගැටලු පැවතීමත් මේ අතරේ රජය සිනෝවැක් සමාගම සමඟ මෙරට නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට අදාළ කටයුතු සිදු කරමින් තිබිමත් ඇතුළු කරුණු ගණනාවක් මෙහිදි සැලකිය යුතු බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

සිනෝවැක් එන්නත චීනයේ සිනෝවැක් බයෝටෙක් ලිමිටඩ් නම් පෞද්ගලික සමාගමක් විසින් නිෂ්පාදනය කරනු ලබන අතර ශ්‍රි ලංකාවේ අනුමැතිය සඳහා මෙම වසරේ මුල කාලයේදීම ඉදිරිපත් කළ එන්නතක් වූයේ මෙම සිනෝවැක් එන්නතයි. මෙම එන්නත වහා ලියාපදිංචි කරවන ලෙස විවිධ පාර්ශ්වවලින් බලපෑම් එල්ල වුවද එම එන්නතේ කාර්යක්ෂමතාව පිළිබඳ ව ඒ වනවිට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කිරීමට නිෂ්පාදකයන් අපොහොසත් වූ නිසා එම එන්නත ලියාපදිංචිය ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ද කල් දමන ලදී.

කෙසේ වුවද මෙම කාලය අතරතුර කොවිෂීල්ඩ්, ස්පුට්නික් එන්නත්වල පර්යේෂණ දත්ත විශ්ලේෂණයෙන් ඒවා අනුමත කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කළේ ඒවාට ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමැතියද ලැබෙන්නට පෙරය. මේ අතර චීනයෙන් ඉදිරිපත් කෙරුණු සිනෝපාම් එන්නතද ප්‍රමාණවත් පර්යේෂණ දත්ත ඉදිරිපත් කර නොතිබීම මත ප්‍රතික්ෂේප කෙරුණි.

ඒ පසුබිම තුළ සිනොපාම් එන්නත අනුමත කිරීම ප්‍රතික්ෂේප කළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ සාමාජිකයන් ගණනාවක් හදිසියේ ඉවත් කිරීමට ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා විසින් පියවර ගන්නා ලදී. මේ වනවිට එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් ගණනාවක් ඉවත් වී ඇත. වෛද්‍ය නිලීකා මලවිගේ මෙන්ම එම කමිටුවේ සාමාජිකත්වය දැරූ වෛද්‍ය පත්මේෂ්වරම් ද මීට සති දෙකකට පෙර ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කර තිබිණි.

කාර්යක්ෂමතාවය

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිට තම පර්යේෂණවලට ලක් වූ එන්නත්වලින් කාර්යක්ෂමතාව සියයට 50 ඉක්මවන එන්නත් අනුමත කරන තත්ත්වයක හිඳී. බ්‍රසීලයේ ‍වෛද්‍ය පර්යේෂකයන් කණ්ඩායමට අනුව පසුගියදා සිනෝවැක් එන්නත අනුමත කර ඇත්තේ එහි කාර්යක්ෂමතාව සියයට 50.6ක් ලෙසිනි.

මෙම එන්නත සම්බන්ධයෙන් මේ වනවිට වෛද්‍ය පර්යේෂකයන් අතර පවතින මතවාදය වන්නේ එය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය හෝ එහි උප ප්‍රභේදයක් වන ඩෙල්ටා ප්ලස් වැනි වෛරස කෙරෙහි සාර්ථක ලෙස ක්‍රියාකරන බව තහවුරු කිරීමට ප්‍රමාණවත් දත්ත නොමැති බවය.

එසේ වුවද මේ වනවිට ශ්‍රි ලංකාවේ කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමට පවා එකඟතාවකට පැමිණ ඇති මෙම එන්නත අනුමත කිරීම විද්‍යාත්මක කරුණු මත ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම මහාචාර්යවරියට යම් බලපෑමක් එල්ල වන්නට ඇතැයි තමන් විශ්වාස කරන බව ලංකාසරට කරුණු අනාවරණය කළ විශ්වාසදායී ආරංචි මාර්ගයක් සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තවත් කොවිඩ් ඩෙල්ටා ආසාදිතයන් තුනක් කොළඹ ඉදිකිරීම් වැඩබිමකින්!  

Next Post

ප්‍රංශයේ සිට වවුනියාවේ කාන්තාවකගෙන් එක් කෝටි පනස් ලක්ෂයක් වංචා කළ තරුණයෙක් සොයා පරීක්ෂණ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.