මනම්පිටිය නිමල් ජයරත්න-
-
පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ම විවෘත වෙයි… මහවැලියට මහා ජලකඳක් එක්වෙයි…..
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු අද ( 26 ) සවස 4.00 වන විට සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට පියවර ගත් බව පොළොන්නරුව ආපදා කළමනාකරණ කාර්යාලය සඳහන් කරයි.
ඒ සඳහා විකල්ප මාර්ග ලෙස මනම්පිටිය හරහා දෙහිඅත්තකණ්ඩිය බකමූණ මාර්ගය භාවිතා කල හැකි බව පොළොන්නරුව ආපදා කළමනාකරන කාර්යාලය මහජනතාවට දැනුම් දීමක් කරයි.
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ එහි දොරටු දහයම අඩි එක බැගින් විවෘත කිරීමට,පියවර ගත් බවත්, ඉන් තත්පරයට ගණ අඩි දාහක ජලධාරිතාවයක් මහවැලි ගඟට මුදා හැරෙන බව පොළොන්නරුව වාරි ඉංජිනේරු අංජන අබේසිංහ අප කළ විමසීමකදී සඳහන් කළේය.
අද (26) වෙනිදා රාත්‍රිය වනවිට එම දොරටු දහය අඩි තුන බැගින් විවෘත කිරීමට පියවර ගන්නා බවද ඉංජිනේරුවරයා කීවේය.







