මහර බන්ධනාගාරයේ අධිකාරිවරයා ලෙස කටයුතු කළ ජගත් චන්දන වීරසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කර තිබේ.
කොවිඩ් වෛරස වසංගතය හේතුවෙන් බාහිර අමුත්තන්ගෙන් බන්ධනාගාර රැඳවූවන්ට ආහාර ඇතුළට ගෙන යාම අත්හිටුවා ඇති කාලය තුළ ඔහු බාහිරින් ගෙන එන ලද ආහාර පාර්සලයක් රැඳවූවකුට ලබාදීමට අවසර දීම සහ එම ආහාර පාර්සලය තුල ජංගම දුරකථන දෙකක් තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු වෙත මෙම වැඩ තහනම කර ඇති බව වාර්තා වේ.
මහර බන්ධනාගාර ගැටුම සිදුවන කාලය තුළදී මහර බන්ධනාගාර අධිකාරිවරයා ලෙස කටයුතු කළේ ජගත් චන්දන වීරසිංහ මහතායි.
ඔහු එම සිදුවීම වන දිනයේ බන්ධනාගාර පරිශ්රයේ රැඳී නොසිටි නමුත් ඔහු විසින් අදාළ විමර්ශන අංශවලට ලබාදුන් ප්‍රකාශවල දී ඔහු එම ගැටුම් හට ගන්නා අවස්ථාවේ බන්ධනාගාරය තුළ සිටි බවට ප්‍රකාශ සිදු කර ඇති බවත් ඒ පිළිබඳව ද ඔහුට චෝදනා එල්ල වී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
ජගත් චන්දන වීරසිංහ මහතා මෙම ගැටුමෙන් පසු සේවා අවශ්‍යතාවක් ලෙස මහර සිට බන්ධනාගාර මූලස්ථානය වෙත මාරු කළ ද ඔහුට නිශ්චිත වගකීමක් පවරා නොතිබූ බව බන්ධනාගාර ආරංචි මාර්ග පැවැසීය.