ඉදුනිල් කහටපිටිය –
මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ප්‍රතිකාර ඒකකයේ විදුලිය බිඳ වැටීම මත අද දිනය පුරා එම ඒකකයේ කටයුතු වලට දැඩි බාධා එල්ල වී තිබේ.
අළුයම් කාලයේ අදාල ඒකකයේ භූගත කොටසකින් දුමක් කාන්දුවීම මත විදුලිය විසන්ධි කිරීමට සිදුව තිබිණි.
අද දහවල් 12 පමණ වන තෙක් එම කොටසේ අලුත්වැඩියා කිරීම සඳහා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ගේ සහ මහනුවර ජාතික රෝහලේ විදුලි සැපයුම් ඒකකයේ නිලධාරීන් එක්ව කටයුතු කළ අතර ඒ අනුව දහවල් දොළහේ සිට පස්වරු 4 තෙක් විදුලිය ලබාදීමට හැකි ව තිබිණි.
නැවත වෙනත් භූගත කොටසකින් දුමාරයක් කාන්දු වූ අතර නැවත පස්වරු හතරින් පසුව හෘද ප්‍රතිකාර ඒකකයේ විදුලිය විසන්ධි කිරීමට සිදුව තිබේ.
රාත්‍රී 9 වන විටත් එම ඒකකයේ විදුලිය විසන්ධි වී තිබී ඇති අතර විදුලි සැපයුම් පද්ධතියේ අලුත්වැඩියා කටයුතු විසි පස් දෙනකුට අධික පිරිසකගේ දායකත්වයෙන් සිදුවෙමින් තිබී ඇත.
ප්‍රධාන විදුලි සැපයුම් පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු පැවසුවාය.
එම හේතුව මත ප්‍රතිකාර ලබන රෝගීන් ගේ ප්‍රතිකාර සඳහා බාධාවක් එල්ල නොවන අයුරින් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් තවදුරටත් හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සැලසුම් කර ඇති බවත් අධ්‍යක්ෂවරිය පැවසුවාය
මෙම තත්ත්වයට හේතුව මෙම ගැටලුව මතු වූයේ භූගතව ඇති කානු පද්ධතියක් වැනි කොටසක බැවින් යථා තත්ත්වයට පත්කර ගැනීම ඉතාම අපහසුවූ බවය.
සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.
මේ මොහොතේ නැවත විදුලිය සැපයීමට හැකි වූ බවත් අධ්‍යක්ෂවරිය කියා සිටියාය.