මහනුවර ස්පුට්නික් එන්නත් රුපියල් 25000ට විකුණලා… පරීක්ෂණ ඇරඹෙයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර එන්නත්කරණ වැඩසටහන යටතේ මේ වනවිට එන්නත් ලබා දෙමින් ඇති මහනුවර ඩී.එස්.සේනානායක විද්‍යාලයිය මධ්‍යස්ථානයේ සහ උසස් බාලිකා විද්‍යාලයීය මධ්‍යස්ථානයේ ස්පුට්නික් එන්නත් රුපියල් විසිපන්දහස බැගින් විකිණූ බවට සැක කරන ග්‍රාම නිලධාරින් දෙදෙනෙක් ගැන වහාම පරීක්ෂණ ඇරඹීමට ඉහළ පරිපාලන අංශයවලින් උපදෙස් ලැබී තිබේ.

මෙම ග්‍රාම නිලධාරීන් දෙදෙනා ඒ ආකාරයෙන් මුදල් ලබාගෙන අද උදේ වරුවේ   පුද්ගලයින් කීපදෙනෙක් එන්නත් ලබා ගැනීම සඳහා යොමු කර  ඇතැයි වාර්තා වීමත් සමග මේ සම්බන්ධව ක්‍රියාත්මක වන්නට උපදෙස් ලැබී ඇත.

මේ වනවිට පොලිසියට අමතරව සිද්ධිය පිළිබඳ විමර්ශන සහාය සඳහා යුද හමුදාව ද   යෙදවීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

Exit mobile version