කොවිඩ් නියාමනයන් කුඩු කර දමමින් මහනුවර ජාතික රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ දී මිය ගිය මුස්ලිම් ජාතික පුද්ගලයින් දෙදෙනෙකුගේ මෘත දේහ ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට භාර දී ඇති පුවතක් වාර්තා වේ.
මහනුවර කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ දී කොවිඩ් නිවුමෝනියා තත්වයෙන් මිය ගිය වයස අවුරුදු 68ක්වන මුරුතලාවේ පදිංචි අයෙකු හා හා වයස අවුරුදු 65ක් වූ අකුරණ පදිංචි අයෙකුගේ දේහයන් මෙසේ නිවෙස් වෙත ගෙන යෑම සඳහා ප්‍රශ්නගත ලෙස මුදා හැර තිබේ.
කොවිඩ් ආසාදිතව මිය යන මුස්ලිම් පුද්ගලයන්ගේ මෘත දේහ පිළිබඳ ඇතිවූ ගැටලුවෙන් පසු එම මෘතදේහ නිරෝධායන නීති ප්‍රකාරව සෞඛ්‍ය ආරක්ෂිතව භූමදානය සඳහා ස්ථානයක් ලබා දී තිබිණි.
එම සියලුම නීති රීති බිඳ දමා මුදාහැර තිබූ මෙම සිරුරුමුරුතලාව හා අකුරණ ඔවුනගේ නිවාස ආශ්‍රිතව ඇති මුස්ලිම් පල්ලියේ භූමදානය කර ඇතැයි වාර්තා වේ.
අල්ලස් ලබාගෙන මෙම මෘත දේහ මුදා හැර තිබේද, මහනුවර ජාතික රෝහලෙන් කොවිඩ් ආසාදිත මෘත දේහ මේ ආකාරයෙන් මින් පෙරත් නිවාස වෙත භාර දී ඇතිද යන්න හදිසි විමර්ශනයකින් හෙළිදරවු කරගත යුතු බව මහනුවර රෝහල් ආරංචි මාර්ග පවසයි.