මහනුවර පී.සී.ආර්. ප්‍රමාදයට හේතුව හෙළිවෙයි !

pcr

මහනුවර වෛරසවේද විද්‍යාගාරයෙන් සිදු කෙරෙන පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵල සෞඛ්‍ය අමාත්‍යංශයේ “සුපරීක්ෂා“ නම්  තොරතුරු පද්ධති මෘදුකාංගයට එක් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් මහනුවර රෝහලේ සහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සිදු කෙරෙන පී.සී.ආර් ප්‍රතිඵල නිකුත් වීමට දින ගණනාවක් ගත වන තත්ත්වයක් උද්ගත වී ඇත.

අවම වශයෙන් දින දෙකක් හෝ තුනක් ඇතුළත මෙම ප්‍රතිඵල ලබා ගෙන එසැණින් එම තොරතුරු මෘදුකාංග පද්ධතියට ඇතුළු කළ පසුව ආසාදිතයන් පිළිබඳව සියලු තොරතුරු අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු බලධාරීන් වෙත යැවෙන අතර ආසාදිතයකු බවට තහවුරු වූ සැනින් අදාළ රෝගියාටද ඒ බව ජංගම දුරකථන කෙටි පනිවිඩයක් මඟින් යැවීමේ හැකියාවක් පවතී. මෙම මෘදුකාංගය මෙවර වෛද්‍යවරුන් කිහිපදෙනකු විසින් නිර්මාණය කරන ලද අතර මේ වනවිට බොහෝ රෝහල්වල භාවිත වෙයි.

එසේ වුවද මහනුවර වෛරසවේද රසායනාගාරයේ වෛද්‍ය රසායනාගාර ශිල්පින් මෙම කටයුත්ත එක් වෛද්‍යවරයකු සමඟ පැවති ආරවුලක් මත ප්‍රමාද කරවන තත්ත්වයක් පවතින බව එම අරංචි මාර්ග සඳහන් කරයි. ඊයේ දිනය වනවිට මේ තත්ත්වය හේතුවෙන් මහනුවර රෝහලේ 500කට ආසන්න පීසීඅර් ප්‍රමාණයක් ප්‍රතිඵල පොරොත්තුවෙන් පැවැති අතර අවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් එවන ලද වාර්තාවල ප්‍රතිඵල ඇතුළු පීසීආර් ප්‍රතිඵල දින 07කට වඩා ප්‍රමාද වන තත්ත්වයක් නිර්මාණය වි තිබේ.


මේ ප්‍රමාදය හේතුවෙන් ආසාදිතයන් එම වාර්තා ලැබෙන තෙක් සාමාන්‍ය අයුරින් කටයුතු කිරීම නිසා තවත් විශාල පිරිසකට ඔවුන්ගෙන් රෝගය ව්‍යාප්ත විමේ තත්ත්වයක් පවතින අතර එය රෝග ව්‍යාප්තිය පාලනයට දැඩි බාධකයක් විය හැකි බව සෞඛ්‍ය ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ ප්‍රමාදය පිළිබඳව ලංකාසර රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතාගෙන්ද විමසීය. එහිදි ඔහු සඳහන් කර සිටියේ මෙම මෘදුකාංගය මඟින් නිවැරදි නොවන ප්‍රතිඵල ලබා නොදෙන බවට පිටින් වාර්තා වී ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම මෘදුකාංගය වෛද්‍යවරුන් විසින් සාදන ලද එකක් බවත් ඔවුන් ගේ අවශ්‍යතාවට මෙහි තොරතුරු වෙනස් වන ත්තත්වයක් පවතින බවට තොරතුරු ලැබී ඇති බැවින් මෙම මෘදුකාංගයට තොරතුරු ලබා නොදීමේ තීරණයක් ගෙන ඇති බව ඔහු සඳහන් කළේය. එසේම මෙලෙස තොරතුරු වෙනස් කිරීම පිළිබඳව රසායනාගාර ශිල්පීන් පරීක්ෂණයක් ඉල්ලා ඇති බවද ඔහු සඳහන් කළේය.

Exit mobile version