බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර පී.සී.ආර්. ප්‍රමාදයට හේතුව හෙළිවෙයි !

by Lanka Sara Editor
මැයි 24, 2021
in පුවත්
pcr
Share on FacebookShare on Twitter

මහනුවර වෛරසවේද විද්‍යාගාරයෙන් සිදු කෙරෙන පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵල සෞඛ්‍ය අමාත්‍යංශයේ “සුපරීක්ෂා“ නම්  තොරතුරු පද්ධති මෘදුකාංගයට එක් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් මහනුවර රෝහලේ සහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සිදු කෙරෙන පී.සී.ආර් ප්‍රතිඵල නිකුත් වීමට දින ගණනාවක් ගත වන තත්ත්වයක් උද්ගත වී ඇත.

අවම වශයෙන් දින දෙකක් හෝ තුනක් ඇතුළත මෙම ප්‍රතිඵල ලබා ගෙන එසැණින් එම තොරතුරු මෘදුකාංග පද්ධතියට ඇතුළු කළ පසුව ආසාදිතයන් පිළිබඳව සියලු තොරතුරු අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු බලධාරීන් වෙත යැවෙන අතර ආසාදිතයකු බවට තහවුරු වූ සැනින් අදාළ රෝගියාටද ඒ බව ජංගම දුරකථන කෙටි පනිවිඩයක් මඟින් යැවීමේ හැකියාවක් පවතී. මෙම මෘදුකාංගය මෙවර වෛද්‍යවරුන් කිහිපදෙනකු විසින් නිර්මාණය කරන ලද අතර මේ වනවිට බොහෝ රෝහල්වල භාවිත වෙයි.

එසේ වුවද මහනුවර වෛරසවේද රසායනාගාරයේ වෛද්‍ය රසායනාගාර ශිල්පින් මෙම කටයුත්ත එක් වෛද්‍යවරයකු සමඟ පැවති ආරවුලක් මත ප්‍රමාද කරවන තත්ත්වයක් පවතින බව එම අරංචි මාර්ග සඳහන් කරයි. ඊයේ දිනය වනවිට මේ තත්ත්වය හේතුවෙන් මහනුවර රෝහලේ 500කට ආසන්න පීසීඅර් ප්‍රමාණයක් ප්‍රතිඵල පොරොත්තුවෙන් පැවැති අතර අවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් එවන ලද වාර්තාවල ප්‍රතිඵල ඇතුළු පීසීආර් ප්‍රතිඵල දින 07කට වඩා ප්‍රමාද වන තත්ත්වයක් නිර්මාණය වි තිබේ.

මේ ප්‍රමාදය හේතුවෙන් ආසාදිතයන් එම වාර්තා ලැබෙන තෙක් සාමාන්‍ය අයුරින් කටයුතු කිරීම නිසා තවත් විශාල පිරිසකට ඔවුන්ගෙන් රෝගය ව්‍යාප්ත විමේ තත්ත්වයක් පවතින අතර එය රෝග ව්‍යාප්තිය පාලනයට දැඩි බාධකයක් විය හැකි බව සෞඛ්‍ය ආරංචි මාර්ග පෙන්වා දෙයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ ප්‍රමාදය පිළිබඳව ලංකාසර රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතාගෙන්ද විමසීය. එහිදි ඔහු සඳහන් කර සිටියේ මෙම මෘදුකාංගය මඟින් නිවැරදි නොවන ප්‍රතිඵල ලබා නොදෙන බවට පිටින් වාර්තා වී ඇති බවය.

මෙම මෘදුකාංගය වෛද්‍යවරුන් විසින් සාදන ලද එකක් බවත් ඔවුන් ගේ අවශ්‍යතාවට මෙහි තොරතුරු වෙනස් වන ත්තත්වයක් පවතින බවට තොරතුරු ලැබී ඇති බැවින් මෙම මෘදුකාංගයට තොරතුරු ලබා නොදීමේ තීරණයක් ගෙන ඇති බව ඔහු සඳහන් කළේය. එසේම මෙලෙස තොරතුරු වෙනස් කිරීම පිළිබඳව රසායනාගාර ශිල්පීන් පරීක්ෂණයක් ඉල්ලා ඇති බවද ඔහු සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එන්නත් විකිණීම තහනම්… විකුණන අය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශට කියන්න…

Next Post

ඇයි මේ වැහි?… කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව හේතු කියයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.