මහනුවර නගර සභාව සතු කැප්පෙටිපොල, බෝගම්බර, කටුගස්තොට මැණික්කුඹුර හා මහනුවර මධ්යම වෙළෙඳ පොළ යන වෙළෙඳ සංකීරණයන් හි පවත්වාගෙන ගිය කඩ කාමර 31 කින් බදු කුළී අය කළ බවට ව්‍යාජ රිසිට් පත් ඉදිරිපත් කර සිදුකළ රුපියල් අසූ දෙලක්ෂ හැත්තෑ හත් දහස් හයසීයක මූල්‍ය වංචාවක් විගණනය විමසුමකින් හෙළි කරගෙන තිබේ.
වර්ෂ 2018 සිට 2023 ජූලි 31 දින දක්වා කඩ කුලී ආදායම් රැස් කිරීමට අදාළ නියැදි පරීක්ෂාවක දී මේ කූට වංචාව අනාවරණය වී ඇත.
මහනුවර නගර සභාවේ කඩ කාමරවලට අදාල කුලී හා දඩ මුදල් අය කිරීමේ වගකීම දරන නගර සභාවේ ආදායම් අංශයේ පරිගණක ගතකර තිබෙන තොරතුරු හා මුදල් කුවිතාන්සි පරීක්ෂා කිරිමේ දී මෙම වංචාව විගණනය විසින් හෙළි කරගෙන තිබේ.
මෙම වංචාව සිදුවීමට පසුබිම හැදෙන්නේ මහනුවර මහ නගර සභාවේ ආදායම් අංශයේ ගණාකාධිකාරි, ආදායම් විෂයභාර නිලධාරීන්, පිරික්සුම් නිලධාරීන් හා ආදායම් පරීක්ෂක නිලධාරීන් ගේ ඍජු අධීක්ෂණයක් පසුගිය වසර 06 ක කාලය තුළ නොමැති වීමෙන් බව විගණන විමසුම පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් දින 14 ක් තුළ පිලිතුරු සපයන ලෙස දන්වමින් විගණකාධිපතිවරයා මහනුවර නාගරික කොමසාරිස් වෙත යවන ලද විගණන විමසුමේ පිටපත් ප්රධාන ලේකම් ආණ්ඩුකාර ලේකම්, පළාත් පලාන කොමාසාරිස්, පළාත් පාලන සහකාර කොමසාරිස් (මහනුවර) වෙත ද යොමුකර තිබේ