මහනුවර නගරයේ යාචකයින් වැඩිවෙලා… ඔවුන් රිදීයගම පුනරුත්ථාපන කඳවුරට යොමු කිරීමට සූදානම්…

මහනුවර නගරය තුළ සතියෙන් සතිය අලුතින් එක් රැස්වන  යාචකයින් සමාජ ප්‍රශ්නයක් බවට පත් වෙමින් ඇති බවත්, මේ පිරිස් නගර ආරක්ෂාවටත් තර්ජනයක් වන බැවින් හැකි ඉක්මනින් පුනරුත්ථාපන වැඩපිළිවෙළක් සඳහා මේ පිරිස යොමු කිරීමට සූදානම් බවත් රජයේ ආරංචි මාර්ග පවසයි. 

මේ සම්බන්ධයෙන් මහනුවර පොලිසියේ ජේෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක  පවසන්නේ මීට සති දෙකකට ඉහත දී මහනුවර නගරයේ වෙසෙන යාචකයින් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකොට ඒ පිළිබඳ වාර්තාවක් සකස් කළ බවය.

එම විමර්ශනය අනුව මහනුවර නගරය තුළ යාචකයින් පනස් හත් දෙනෙකු සිටින බව ද ඔවුන් සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග කුමක්ද යන්න මහනුවර නගර සංවර්ධන කමිටුවේ දී සාකච්ඡා කළ බවද හෙතෙම කීවේය.

යාචකයින්ගේ හැසිරීම් ක්‍රියාකාරකම් සියල්ල පිළිබඳ පොලිසිය අවධානය යොමු කොට ඇති බවද කී ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා එම යාචකයන්ගෙන් බහුතරයක් රිදීගම පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද කීවේය.


සෙසු පිරිස ද නගරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර කුමක් ද යන්න නගර සංවර්ධන කමිටුවේ දී සාකච්ඡා කරන බව ද හෙතෙම කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නගර සංවර්ධන කමිටුව සඳහා මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී වන බැවින් මේ සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කළ හැකි බවත් ජනතාවට අවහිරයක් නොවන පරිදි නගරය පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියේය.

Exit mobile version