මහනුවර සහ මාතලේ තැපැල් ස්ථාන පන්සිය දහතුනක වර්ජනය හේතුවෙන් නිධන්ගත රෝගීන් දස දහසක් ඖෂධ ගෙන්වා ගැනීමට නොහැකිව පීඩා විදිති.
මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක දෙකෙහි හෘද , වකුගඩු , අධිකරුධිර පීඩන, දියවැඩියාව , පිළිකා සහ ස්නායු ආබාධ සහිත රෝගීන් සංඛ්‍යාව දස දහස ඉක්මවා සිටින බවට පළාත් සෞඛ්‍ය වාර්තා අනාවරණය කර තිබේ.
මෙම පිරිස් සතිපතා සායන හරහා ඖෂධ ලබා ගන්නා අතර මාසයක් පුරා පවතින සංචරණ සීමා හේතුවෙන් රෝගින් ඖෂධ ගෙන්වා ගන්නේ තැපැල් මගිනි.
මාතලේ දිස්ත්‍රික්කයේ තැපැල් ස්ථාන එකසිය දහය වෙනුවෙන් වෙන්කර ඇති එන්නත් මාත්‍රා ගණන සියයක් බවත් මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ස්ථාන හාරසිය තුන සදහා වෙන්කර ඇති එන්නත් මාත්‍රා ගණන දෙසිය පනහක් බවත් මෙය ප්‍රමාණවත් නොවන අතර නිරන්තරයෙන් සමාජයේ ගැවසීමට සිදුවන තැපැල් නිළධාරින් ලිපිබෙදාහරින්නන් දැඩි කොවිඩ් වෛරසය බෝවීමේ අවධානමක සිටින බව තැපැල් සේවක සංගමය පෙන්වා දෙයි.